2013-09-13

අපි ආයි කතා කරමු..

සරත්..
එන්න පල්ලිය කඩන්න.

හසීම්.
වරෙන් ගල් ගහන්න.

යාධවන්.
වරෙන් ගිනි තියන්න.

ජෝසප්.
වරෙන් හරවන්න.

ෂරත් මල්ලි,
ෂීනි ඉවරයි ෂීනි ටිකක් දියන්.

හසීම් අයියේ,
පන්දාහක් දියන් ලබන සතියේ දෙන්නම්.

මචං යාධවන්,
පොඩි එකීට අමාරුයි.

ජෝසපු අන්නා.
එනවද අපේ ගෙදර අද රේ කේමට.

මේ හතරදෙනා එක එකාව මරාගත්තු දවසට අපි ආයි කතා කරමු. 


1 comment:

රතීගේ දිනපොත said...

මම නම් කියන්නේ මරාගන්න එපා. යකෝ මේ ඉන්න ටකේ ඔන්න ඔය වගේ හැමදාමත් ඉඳිල්ලකො.