2010-08-10

මගෙ පුන්චි කාලෙ















පාවහන් පොඩිත් නැති
සිනිදු සියුමැලි පුන්චි පා පොඩි ඔසවන්
රලු බොරලු ගුරුපාර දිගේ
පොත් පිරුනු සිලි බෑගයත් අතින් අරන්
චුටි සුදු රැලි ගවුම් පොඩියත් ඇදන්
මගේ පුන්චි ඉස්කොලෙට
ගියපු හැටි

මගෙ පුන්චි යාලුවො
ලස්සන සපත්තු බෑග් අරන් එද්දි
චූටි ඇස්වල කදුලු පුරවන් හුල්ලපු හැටි
පන්තියෙ මුල්ලකට වෙලා
ඒ චූටි අහින්සක කෙලිපැටිය පඩම් කරපු හැටි
ඒ මතකයන් පිරුනු මගෙ පුන්චි කාලෙ
මතක් තියෙවි
හැමදාමත්...........

2010-08-07

කුළුදුල් ලිපිය

ඇඹා නොහොත් ආගන්තුකයානෙනි,

සිත තුල උපන් සිතුවමක්,
තෙලිතුඩින් ලියවෙන පදවැලක්,
වෙනුවට,
යුනිකෝඩයක් ලෙසින්
සයිබර් අවකශයෙ පළකිරිමට
ඔබේ බ්ලොගයේ
ඉඩහසරක් දෙමින්
මා කුළුදුල් බ්ලොග්කරුවෙකු කල
ඔබටයි මේ කුළුදුල් ලිපිය.
ඔබටයි මේ තුති පිදුම.