2013-09-24

වල්ලී ගෙට වෙලා

එදා මහ පාන්දර වෛතාලයෙන්ම සේදරා හේනට දුවගෙන ගියේය. ඒ යනකොටත් පුංචි රාළ හේනේ පැල උඩ ගොරව ගොරවා නිදාගෙන හිටියේය. ඉණිමඟ නැඟගෙන සේදරා උස ගහේ මැද සවි ශක්තියට ඉදිකර තිබූ පැලට ගොඩ වී තවමත් නිදාගෙන හිඳින අප්පුච්චා දිහා බලාගෙන සිටියේය. මොනම හේතුවකටවත් උපන්දා සිට කිකලෙකවත් ඔහු නිදියන අප්පුච්චා ඇහැරවා නැත. උන්දැගේ කේන්තිය ගැන දන්නා නිසාම සේදරාගේ හිතේ පුංචි රළ අවදි කරන්න කැමැත්තක් තිබුනේ නැත. ඒ නිසා සද්ද නොකර පැයක් හමාරක් ඔහු කකුල් කෙටි දෙක පහලට දමාගෙන ගහ උඩ පැලට වී ඈත හේන දිහා ඔහේ බලාගෙන හිටියේය.

ඉර එලිය පොලව බදාගන්න තතනන විට පුංචි රාළ ඇහැ ඇරියේය. සේදරා ඉස්පාසුවක් නැතුව පුංචිරාළ දිහාට හැරුණේය.
“අප්පුච්චා මං ආවේ..“
“අර ලබු කට්ටට පොකුණෙන් වතුර ටිකක් අරං වරෙන්“
සේදරාට හරියට වචන පෙළ ගස්සා ගන්ට පුළුවන් වුණේ නැත පුංචි රාළ ඉස්සර වුණේය.
........................................................................................................
“හ්ම් ඉතිං කියහන්..“
“වල්ලි ගෙට වුනා කියලා අම්ම කියන්ටය කිව්වා.. “
පුංචිරාළ ඒ වචන ගණනකටවත් නොගත්තේය. පුරුදු විදිහට බුලත් විටට තව දුංකොල කෑල්ලක් ඒදුවේය. ඉන්පසු යළි පැලේ ඉඳගන්න ගමන් සේදරා දිහා නොබලාම මෙසේ කීවේය.
“උඹ පලයං ගෙදර..“

2 comments:

Anonymous said...

shoak kathawa neda

Lishan kasun sri said...

රත්තරං ටික