දිවිය සුවද කල අරලියා මල අද
මිලින වන්නට සැරසෙනා..
මල් සුවද හද තුල හොවා ඔබ
මහැර යන්නට
දින ගනිමිනා
දැන සිටිය මුත් පරවෙනා බැව්
පිපුනු මල් ලෝ දහමිනා
තුරු වසා ගිය රුදුරු
පිලිලය
ඔබ......
මගෙන් දුර ගෙන ගියා
කැවු බත් පින්ඩු, පිදූ සෙනෙහස
අද කොහේදෝ සැගවුනේ....
ගිලන් වී වත වෙහැරි ගිය
කන්දුලු පිරි නුබ ගිලුනු නෙත් යුග
කියයි අනියත බව ලොවේ
පැතු පැතුමන්
දිනෙන් දින
ගිලිහි යනමුදු,
පතමි
නුබෙ වී
ලගම හිදුමට
සසර මතු
බවයෙන් බවේ
අම්මා...........
නුබයි මගෙ අම්මා...........
2 comments:
මා යෞවනයකු කල බස්රියේ යනවිට ඇසුන සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව..
ලිංගික අසුරකට මට දැන් අවසරද යන බස් ගීතය මතක් වුනි..
මේ කවිය මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් වෙනුවෙන්.අම්මට cancer එකක් හැදිලා.
Post a Comment