2011-11-18

ඇත්තටම මේ මොකද වෙන්නේ

යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.
වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ.
එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි.
යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි.
ත්‍රස්තවාදියා රජයට එකතු වේ.
මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.
ක්‍රීඩකයින් පඩිරහිතව ක්‍රිකට් ගසයි.
බස් වර්ජනයක් එයි.
ඒත් අපි ඔලිම්පික් ලංකාවේ තැබීමට සැරසෙයි.
ඇත්තටම මේ මොකද වෙන්නේ...