2011-11-18

ඇත්තටම මේ මොකද වෙන්නේ

යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.
වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ.
එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි.
යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි.
ත්‍රස්තවාදියා රජයට එකතු වේ.
මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.
ක්‍රීඩකයින් පඩිරහිතව ක්‍රිකට් ගසයි.
බස් වර්ජනයක් එයි.
ඒත් අපි ඔලිම්පික් ලංකාවේ තැබීමට සැරසෙයි.
ඇත්තටම මේ මොකද වෙන්නේ...

2011-08-10

බකමූණෙකු වීදි බසියි...

බකමූණන් යනු රාත්‍රියට එලි බසින ජීවියෙකි. එහෙව් බකමූණා දිවාකල එලිබැසීමෙන් සිදුවන ප්‍රපංචය පසුගිය සිකුරාදා මම ලයනල් වෙන්ඩ්ට් එකේදී දැක බලා ගතිමි. එහි මට අසුවුන කතා කල යුතු තැන් කිහිපය යොදා මෙය නවතමි.
  • බකමූණා රජවන්නේ සතුන්ගේ වරදිනි.
  • සේනක ඇතුළු පිරිස වැඩ්ඩන් වන්නේද සතුන්ගේ වරදිනි. 
  • උන් උද්‍යානයේ ෂොපිං මෝල් ගහන්නේද සතුන්ගේ වරදිනි.
සුනීතා, අරගලයට එකතුවන්නේ සුනීතාට බත්කඩේ වැඩේ කෙලවෙන නිසාය. ටෝනි සේනකට හතුරෙකුවන්නේ ප්‍රධාන චරිතය නොලැබුනු නිසාය. මිනිසුන් පව් නැත. උන් වැරදි කරන්නේ දැනුවත්වය. මේක සිස්ටම් එකේ හැටිය මලාටවත් තමන්ට කෙලවීමක් නැතුව මිනිස්සු නමාගැනීම අපහසුය. එයට හේතුව විප්ලවය ගොන්පාට් එකක් වී ඇති නිසාය. ලංකාවේ ඇසූ පමණින් හිනායන වචන වල කැටගරියට මම “විප්ලවය“ යන වචනයද එකතුකරමි.
මම වැඩිය කතා නොකරමි. බකමූණෙකු වීදි බසී“ බැලිය යුතු නාටකවල කැටගරියට යොදා මෙය අවසන් කරමි..

2011-06-02

ඔන්න ඔහොමයි පැන්ෂන් එක හැදෙන්නේ..

රන්දිකා අක්කාට පින්සිද්ද වෙන්න යන්තම් මේක ගැන ලියන්න තරම් දෙයක් හොයාගත්තා... මේක ගැන විස්තර යන්නේ ප්‍රවෘත්ති වල විතරනේ ඒත් කරුමෙට මම ඒවා බලන්නේ නෑනේ. කියන විදිහට මෙහෙම තමා වැඩේ වෙන්නේ.

  • සේ.අ.අරමුදලෙ අවසන් ශේෂයෙන් - 2%
  • සේ.නි.භා.අරමුදලේ අවසන් ශේෂයෙන් - 2%
  • පාරිතෝෂික දීමනාවෙන් - 10%
  • සේවකයාගේ වැටුපෙන් - 2%
  • සේව්‍යාගෙන් - 2%
මෙන්න මෙහෙමයිලු කපා ගැනීම්.

ඒ වගේම අනිවාර්‍යෙන්ම වසර 10 ක් විශ්‍රාම වැටුපට දායක විය යුතුයි.
හැබැයි කවර හෝ හේතුවක් නිසා වසර 10ට පෙර රැකියාවෙන් ඉවත් වන්නට සිදු වුවහොත්
කපා ගත් මුදලෙන් සතයක් වත් සේවකයාට ලැබෙන්නේ නැත.

ඒවගේම විශ්‍රාම වැටුප හිමි වන්නේ අවුරුදු 60න් පසුවයි.නමුත් පුද්ගලික අංශයේ විශ්‍රාම යා යුතු වයස් සීමාව - ගැහැනු - 50
පිරිමි - 55
එතකොට ගැහැනුන් විශ්‍රාම ගොස් වසර 10ක් ද පිරිම්න් වසර 5ක් ද ..විශ්‍රාම වැටුප ලැබෙන තෙක් උඩ බලන් සිටිය යුතුය.

එසේම විශ්‍රාමිකයා මියගිය විට බිරිදට හෝ දරුවන්ට එම මුදල ලැබීමද අවිනිශ්චිතය.

මෙහි සදහන් කලේ කරුනු කීපයකි.
විසදා ගත යුතු තවත් බොහෝ ගැටලුකාරී තැන් රැසකි.

යම් විටක සේවකයෙකු විශ්‍රාම වැටුපක් එපා යයි පවසනවානම් පැහැදිලියම විය යුත්තේ එය තඹේකට මායිම් නොකර සිටීම නොව.. ඊට හේතු විමසා බැලීමයි.

එබැවින් යොජිත විශ්‍රාම වැටුපෙහි විනිවිද භාවය මීට වඩා ගැඹුරින් අධ්‍යනය කොට සියලු දෙනාගේ අදහස් විමසා බලා සිදුවිය යුතු වෙනස් කම් සිදු කොට ...කඩි ගායකින් තොරව පාර්ලිමේන්තුවට පනතක් ලෙස ගෙන විත් සම්මත කර ගැනිම්ට වගකිව යුත්තන් සුදානම් වූයේ නම් මේ තරම් නාඩගමක් නටන්නට සිදු නොවනු ඇත. 

විශ්‍රාම වැටුප දෙන්නේ සේවකයන්ගේ EPF, ETF, Grativity එකෙන් හා වැටුපෙන් කපලා නම්..ඒ මුදල සේවකයා විහ්‍රාම යන මොහොතෙන් පසුවම .. භාන්ඩාගාරයට සියලු මුදල් ලැබී අවසන්. එසේ නම් ඒ මුදල් වසර 60 ක් පිරෙන තුරු රදවා තබා ගැනිමට හේතුව කුමක්ද...එසේ කිරීමට ඇති අයිතිය කුමක් ද..

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් ගෙවන්නේ එසේ නම් ගැටලුවක් නැත.

විශ්‍රාම වැටුප යනු සේවයෙන් ඉවත් වූ මොහොතේ සිට ලැබෙන දීමනාවක් මිස..වසර ගනන් කල් ගත කොට දිය යුත්තක් නොවේ.
එසේ වන්නේ නම් එයට-විශ්‍රාම වැටුප-නොව වෙනත් නමක් දිය යුතුය.
ඒ වගේම අවුරුදු 59දි ඔහු මිය ගිය හොත්...

- They'll get EPF/ETF -
එහෙම බැලුවෙත් EPF/ETF එක විතරක් ලැබුනොත් ඇති නේ.
මොකද දැන් මිනිස්සුන්ගේ ආයු කාලයත් එන්න එන්නම අඩු වෙනවනේ.හුග දෙනෙක් අවුරුදු 60ක් වත් ජීවත් වෙන් නෑ.

මේක තේරුම් ගන්න.
කිසිම සේවකයෙක් විශ්‍රාම වැටුපකට අකමැති නෑ.
ප්‍රශ්නේ මේකේ තියෙන ගැටලුක‍ාරී ස්වරූපයයි.
අඩුම ගානේ කම්කරු ඇමතිටවත් සේවකයන් මේ සම්බන්ධව අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ.

ඉතිං මිනිස්සු මේ සම්බන්ධව කලබල වෙන එක අහන්න දෙයක්...ද
සංශෝධන සහිතව සේවකයන්ට හිතකර වූ විශ්‍රාම වැටුපක් ලබා දිමයි කල යුත්තේ. 


ස්තූතිය - නිල් අහසට මේගැන දැනුවත් කලාට..

2011-04-28

දුක කියන්නේ වෙන එකක්...

දුක කියන්නේ කඳුලු හලන එක විතරක් නම්.
මම හිතන දුක වෙන එකක්..
දුක කියන්නේ දුක මගාරින එකනම්..
මම කියන දුක වෙන එකක්...
දුක කියන්නේ FB Status එකක් හරි SMS හරි නම්..
මම හිතන දුක වෙන එකක්...
ඇත්තටම දුක කියන්නේ මොකද්ද?
මේ ගොන් පාට් වලට දුක කියන්න පුළුවන්ද?
මේකට කියන්නේ වෙන එකක්..
දුක නෙමෙයි..
ඇත්තමයි....

2011-03-31

රාමායනය == Final

Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....
  • රාම - මහේන්ද්‍ර සිං දෝණි
  • රාවණ - කුමාර් සංගක්කාර 
  • ලක්ෂ්මණ - යුවරාජ් සිං
  • ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්
  • කුම්භකර්ණ - මහේල ජයවර්ධන 
  • භරත - සචින් ටෙන්ඩුල්කාර්
  • සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්
  • හනුමාන් - හර්බජන් සිං
  • දශරථ - ගැරී කර්ස්ටන්
  • සීතා - World Cup
  • විභීෂණ - චාමර සිල්වා...
ක්‍රීඩාව යනු ආතල් එකකි. ඔලිම්පික් ආරම්භ වන්නේ යම් හේතුවක් උදෙසාද ක්‍රීඩාව පැවතිය යුත්තේ ඒ උදෙසා බව මගේ පුද්ගලික හැඟීමයි.. දැන් ඇත්තේ වෙන ක්‍රීඩාවකි. සහයෝගීතාවය අහලකවත් නැත. ඇත්තේ වෙන මොකද්ද එකකි ක්‍රීඩාව නොවේ.. ඒ මොකක් වුනත් මම සිස්ටම් එක ඇතුලේ සිට World Cup බලමි.. මම ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියා උද්ඝෝෂන කර CH එකට ගොස් තරඟ බැලුවේ නැති නිසා අවුලක්ද නැත..
චාමර අපි ඔබගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙමු.. 

2011-03-11

වැරදීම..

සීතල රෑක...
උණුසුම් තරු එලියේ
උඹේ අඩවන් වෙච්ච ඇස් දෙකෙන්...
මට ලෝකය පේනන ගන්නකොට...
උඹ කාගෙ කවුද කියලා
මට අමතක වුනා...
අනේ මට සමාවෙයන්..

2011-01-29

කෙටි සටහනක් - රොඩී බස

භාෂාව ගත්තාම රොඩී බාසාවෙයි වැදි බාසාවෙයි අතර සමානකම් හුඟක් තියෙනවා.. පසු කාලීනව ඒවායේ විකාශනයන්ට අනුව වෙනස්වුන අසමානතාවන් වුනත් නැත්තෙම නෑ.. කොහොමත් වැද්දො කියන එක අපි කවුරුත් දන්න කතාවට අමතරව තව කතාවක් තියෙනවානේ. දන්න කතාව තමා කුවේණිගේ ලමයින්ගෙන් වැද්දො හැදුනා කියන එක. නමුත් රොඩී සහ වැද්දෝ කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වුන ගෝත්‍ර දෙකක් කියලත් කතාවක් තියෙනවා. එහෙම බැලුවොත් අදාල ගෝත්‍ර දෙක ලංකාවේ ඒකාලේ පැවතුන බාසාවන් එකක් ගනුදෙනු කරනකොට අනුගත වුනා වෙන්නත් පුළුවන්.. රොඩී බසෙත් වැදි බසෙත් තියෙන ලස්සන ගතියක් වෙන්නේ මේ බාසා දෙකම හැදිලා තියෙන්නේ බොහොමයක් වක්‍රෝත්ති යෙදුම් වලින් ඒ කියන්නේ අදාල නම දාලා තියෙන්නේ ඒක විස්තර වෙන විදිහට උදාහරණ විදිහට වැදිබාසාවේ
බ්ම්මඩ ගානෙකා - බිම බඩ ගා යන එකා (තලගොයා)
දෙපතම් මගලා - අං දෙකක් ඇති සතා (මුවා)
කඳන් පනින්නා - ගසෙන් ගසට පනින්නා (වඳුරා)
බොට කඳා - විශාල කඳක් ඇත්තා (අලියා)

රොඩී වලත් මේ වගේ වචන තියෙනවා..
උහැල්ලේ රබොත් අංග - ගසේ අත්ත
බින්තලව්වේ තැවිනෙන දැගුල් දෙගිරාව - පාද
ඉලයත් තෙරි නිලාටු අංගය - මුහුද

මේ දෙකේ තව ලස්සන දෙයක් තියෙනවා ඒක රොඩී වල නම් ටිකක් වැඩියි.. ඒක තමා ඇතුලින් රහස් බාසාවක් වගේ තියෙන එක. ඒ කියන්නේ රොඩීන් කලේ ඉල්ලන් කෑම කියන එක නිසා සාමාන්‍ය සිංහල ජනවහරට සමාන වුනත් වෙනස් සිංහල ජනතාවට නොතේරෙන ලෙස ඔවුන් ඉන්න තැන්වල තමන්ගේ දේවල් කතා කරන්න තිබුන බාසාවක්. ඔවුන් ඒක පාවිච්චි කරන්නේ ආගන්තුක ජනයාට මුකුත් තේරෙන්නේ නැතුව. (අපි ඔය සුද්දෙක් ඉන්නකොට සිංහලෙන් ඌත් එක්ක හිනාවෙවී ඌට බනින්නේ ඒ වගේ සීන් එකක්) විල්හෙල්ම් ගෛගර් තමා ඔය රොඩී බස ගැන මෙතෙක් කරපු හොඳම අධ්‍යනය කරලා තියෙන්නේ.. (ඌත් සුද්දෙක් හෙවත් අධිරාජ්‍යවාදියෙක්) ගෛගර් මේ රොඩී බාසාව කොටස් 4කට බෙදලා දක්වනවා.
  1. විදේශීය සම්භවයකින් යුක්ත වදන්
    1. බුස්සා - බල්ලා
    2. බූලෑවා - වඳුරා
    3. බුහැකා - බලලා
    4. ලුද්දා - මී හරකා
  2. රොඩීන්ට විශේෂිත වදන්
    1. පෙකනවා - දකිනවා
    2. යාපෙනවා - තිබෙනවා
    3. තෙරි - හොඳ, ලොකු
  3. සිංහලට හුරු වදන්
    1. ලතු - රතු
    2. කලුවැලි - කළුවර
    3. මීරි - මිහිරි
    4. හිදුලු - සුදු, කිරි
  4. අළුතින් තනා ගත් වදන්
මෙය කෘතිමව නිපදවා ගත් බසෙකි. අනික්  ගෝත්‍රවලට තේරෙන්නෙ නැති වෙන්න කතා බහ හුවමාරුවට තමා මේක යොදාගෙන තියෙන්නේ.. ඒකට වැඩිපුරම බාවිතා කරලා තියෙන්නේ තෙරි, හාප කියන විශේෂණ පද එක්ක අන්ගයා (මිනිසා) වගේ නාම පද එකතු කරලා වෙනම අර්ථයක් වෙන වචන හදාගෙන තියෙනවා.. උදාහරණ විදිහට
  •      තෙරි බොරළුව (මහා ගල)
  •      ඉලයත් තෙරි අන්ගෙ (ඉහල තිබෙන උතුම් වස්තුව - ඉර)
  •      ඉලයත් තෙරි නිලාටු අන්ගේ (උතුම් විශාල හොඳ ජලය - මුහුද)
  •      තෙරි නිලාටු හාපයා (දියේ සිටින නපුරු සතා - කිඹුලා)

ආසාවක් තියෙනවානම් චන්ද්‍ර ශ්‍රී වික්‍රමසිංහගේ ගාඩි ජනවත හා ගෛගර්ගෙ The Language of Rodiyas ‌in Ceylon කියන නිබන්ධනය කියවන්න ගෛගර්ගෙ නිබන්ධනය තමා මමත් කියවපු හොඳම එක. තව රාඝවන්ගේත් පොතක් තියෙනවා. Simon casie Chetty (කාසි සෙට්ටියා) වචන ලිස්ට් එකක් දාලා තියෙනවා. මාත් ඒක මේ දවස්වල හොයනවා.. ආසාවක් තියෙනවා නම් කියවලා බලන්න..

2011-01-25

දුමක සුවඳ...

හීතල රෑක
කළුවරේ දුමක් දානකොට 
වලාකුළු අස්සේ හැංගුන 
හඳ දැක්කම 
මට උඹ මතක් වුනා...
හඳ කළු වලාකුලකට වැහිලා. අපි කියන්නේ ඒකට හොල්මන් හඳ කියලා. ඒ හඳ කළු වලාකුළු අස්සෙන් මම ලඟට එන්න හදනවා වගේ. එක දවසක උඹ යන්න යයි. උඹට උඹේ කියලා ජීවිතයක් තියෙයි. නොරිකෝ සං දෙවොන්දරා කියෝතෝවට යන්න කලින් කිව්ව කතාව මට මතක් වෙනවා.
යනව නම් දෙවොන්දරා සංගෙ සුවඳ මේ ඇඳුම්වල තියලා යන්න
පොත්වල තියෙන්නේ ඇත්ත වෙන්න පුළුවන් ඒත් ඒ හැම පොතකම අපිට වුන සිද්ධි ඒ විදිහටම ලියවිලා තියෙනවා. අපිට වෙච්ච දේ තව කෙනෙක්ට වෙලා කියලා හිතහදාගන්න පුළුවන් වෙන්න ඒකම ඇතිවෙයි.. නොරිකෝ උඹට මම ආදරේ ඒක නිසා..

2011-01-23

මගෙ පුන්චි කණාමැදිරියට.....

අදුරට තනි රැකපු
මගෙ පුන්චි කනමැදිරියො
පුර හද ලගදි
ඔය පුන්චි එලිය
ලෝකෙට පෙනුනෙ
නැති උනාට
මගේ හිතට හැමදාමත්
නුබෙ ඔය පුන්චි එළිය
විතරමයි වටින්නේ

2011-01-17

ජීවිතය....

හිත යට දුක ගුලිකරගෙන
ජීවත්වෙන්න
ජීවිතය දුකක්
බව දැන දැනත් හිනවෙන්න
අමරුයි
මහ හුගක්
ඒත්
හින නොවී......,
ජීවත් නොවී .....,
කොහොමද
අපි......?

2011-01-12

සැකය...

නිදහස් කරා මං
සිරවී
තෙරපී උන්
ඇගේ සුදු තිසරුන්
ලිහා මුදවා
ඇය දමා තිබූ බැම්මෙං

හිතුවාට වඩා මං
හරිම හීලැයි 
උං

හිලැ වෙන්න
මෙතරං
හුරතල් කර ඇති හැඩැයි 
වෙන උං

හිත කෙටූ ටැටූ
ඉන්දික ගුණවර්ධන