2013-03-19

කාලිදාසයන් ලියූ හොඳම කවිය..

කාලිදාස. කුමාරදාස රජුන්ගේ කාලයේ හිටපු ශ්‍රේෂ්ඪ කවියෙක්..

කොහොම වෙතත් කාලිදාසගේ කවි ඒ කාලේ හෙන ප්‍රසිද්ධයි. නිකමට හිතන්නකෝ ශිහාන් සහ ලංකාවේ කෙල්ලෝ ගැන. කාලිදාසගේ කවිවල තියෙන ගතිය නිසා සිය පියයුරු වල කාලිදාගේ කවි ලියාගන්න ගැහැණු ලමයි ඒකාලෙත් හිටියා. කුමාරදාස රජතුමාගේ දියණියත් මින් එක්කෙනෙක්..
දවසක් කාලිදාස පාරේ එනකොට කුමාරදාස රජතුමාගේ දියණිය සඳලුතලයේ සිට පහලට පඩිපෙලින් දියගේන්න පොකුණ වෙත යමින් සිටියේ. ඇය එකවරම කාලිදාස දැක්කා. ඇය කෙතරම් කලබල වුනාද කිව්වොත් ඇය උකුලේ රඳවාගෙන සිටි කලය පඩිපෙල දිගේ පහලට පෙරලී ගෙන ගියා..
කාලිදාසගේ කවි අදහස් අවදි වුනා. කිව්වා ශ්ලෝකයක්..

රාජාභිෂේකේන මදවික්ඛලායං.. 
රාජ අභිෂේකයෙන් සිහිය විකල් වෙලා ඉන්න තැනැත්තියකගේ..

හස්තං චුතං හේම ඝඨෝ විහත්තං.. 
හේම ඝඨෝ කියන්නේ රත්තරං කලය, රත්තරං කලය හස්තයෙන් ගිලිහුනා.

සෝපානු මාර්ගේන කෘතෝප ශබ්දං.. 
සෝපානු මාර්ගය කියන්නේ පඩිපෙලනේ, සෝපානු මාර්ගයේ මෙන්න මේවගේ ශබ්දයක් දෙමින්,

ටං ටං ටටං ටං.. ටට ටං ටටං ටඃ.. 
අන්තිමට ටහ් කියලා කිව්වේ අන්තිම පඩියෙන් පොලවට වැටුන සද්දේ..

ඕක තමා කවිය..
මේක කිව්වේ ගුරුගේ කියලා මට ඉන්න පරණම යාළුවොන්ගෙන් එකෙක්.

2013-03-06

මාලිංග සහ අපි සමග ඊයේ සහ අද..

ඊයේ මාලිංගයාට බැනපු දවස වන අතර අද හොඳ කියන දවස වේ... 
එක්කෝ බැනපු එවුන් අද ඔන්ලයින් නැත. නැත්නම් උන් ගෙවල්වලට ගිය පසු මාලිංග පව් කියා සිතී අද සද්ද නොකර සිටී.. 

හා හා.. කස්ටියට හලාල් අමතක වෙයි හොඳේ.. 
මල්ලිලා නංගිලා අක්කලා අයියලා මාමලා නැන්දලා.. 
මතක නැද්ද අර හලාල්.. උලමා.. බොදු බලසේනා.. 

හෙට මොකද්ද?
යනවා මනුස්සයෝ යන්න..