2010-03-31

නොදැන සිටි උන්ට ෴

AKON SUPAFEST 2010, COLOMBO
Main sponsor – Dialog
Co Sponsors – Cinnamon Grand / Srilankan Airlines / Aqua Fresh water
In association with – Sri Lanka Tourism Promotion Bureau (www.srilanka.travel)
Media Sponsor – Maharaja Group
        කුඩු කරපල්ලා එකක් නෑර..

෴ පැබ්ලෝ පිකාසෝ ෴

කලාව අපට සත්‍යය වටහා ගැනීමට මඟ පෙන්වන බොරුවකි.
නරක චිත්‍ර ශිල්පීන් කොපි කරති. හොඳ චිත්‍ර ශිල්පීන් සොරකම් කරති.
මම ද්‍රව්‍ය දකින අයුරින් නොව ඒ ගැන සිතන අයුරින් ඒවා අඳිමි.
මට රෆායෙල් මෙන් සිතුවම් ඇඳීමට වසර හතරක් ගතවිය. නමුත් ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක්ම ගතවිය.
සිතුවම් ඇඳීම අන්ධයෙකුගේ වෘත්තීයයි. ඔහු අඳින්නේ ඔහු දකින දෙය නොව ඔහුට හැඟෙන දෙයයි. ඔහු දුටු දෙය කුමක්දැයි ඔහුටම පවසන දෙයයි.
ඇතැම් චිත්‍ර ශිල්පීහු ඉර කහ පැහැති ලපයක් බවට පත් කරති. අනෙක් අය කහ පැහැති ලපයක් ඉර බවට පත් කරති.
 
                                        ෴ පැබ්ලෝ පිකාසෝ ෴

නිශ්ඵලය..

රවී, කමල් හා විමල් මාදු ගඟේ එක දවසක් නාන්න ගියා. රවි වෙනදාට වඩා ඈතට ගියේ රවීට පීනන්නට බැරි බව අමතක වෙලා වෙන්න ඕනි. එහි ප්‍රතිඵලය වූයේ රවියා දියේ ගිලීමය. විමල්ගේ පිහිනීමේ හැකියාවට හා කමල්ගේ ප්‍රථමාධාර වලට පින් සිද්ද වන්නට රවියාගේ ජීවිතය බේරුණි.
   නමුත්.........
සිහිය ආ රවියා "තොපි මට නාන්නවත් දුන්නෙ නෑ නේද යකෝ" කියමින් අනික් උන් දෙන්නාට බැණ වදින්නට විය.
ලංකාවටද වෙලා තියෙන්නේ මේකය. ලංකාවේ මී හරක් වෙනස් කරන්න උත්සාහ කිරීම නිශ්ඵලය...

2010-03-30

ලංකාවේ බූරුවන්

ලංකාවේ බූරුවන් කොට්ඨාශ දෙකකි
  • එකක් දැනුවත් බූරුවන්ය 
  • අනෙක නොදැනුවත් බූරුවන්ය
දැනුවත් බූරුවන් බූරු වැඩ කරන්නේ නොදැනුවත් බූරුවන්ව බූරුවන් කිරීමටය. නොදැනුවත් බූරුවන් දැනුවත් බූරුවන්ට රැවටී තවදුරටත් බූරුවැඩ කරති..

෴ දින පොත නරකද? ෴

“ඔයාට හිතෙන්නේ නැද්ද අරුණ. මම නවකතා පොතක් වුණා නම් හොඳයි කියල? නිශාන්ති අරුණගේ මුහුණට එබෙමින් ඇසුවේ ප්‍රේමණීය බැල්මක් ඔහු වෙත හෙළමිනි.

“ඒ ඇයි” අරුණ ඇසුවේ ගිණුම් ලේඛනයෙන් තම දෑස් ඉවතට ගනිමිනි.

“ඇයි අනේ එතකොට ඔයාට හැම වෙලාවකම මාව ළඟ තියාගෙන ඉන්න පුළුවන්නෙ.” නිශාන්ති කීවේ ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් තොදොල් වෙමිනි.

“ඒකනම් ඇත්ත තමයි... ඒ වුණාට මං කැමැතියි ඔයා දින පොතක් වුණා නං...” අරුණ කීවේ චෙක් පොතේ පිටු පෙරළමිනි.

“ඒ මොකද අනේ...?” නිශාන්ති එවර ඇසුවේ කුතුහලයෙන් තොදොල් වෙමිනි.
“නෑ එතකොට මට අවුරුද්දක් ගානෙ මාරු කරන්ඩ පුළුවන් නෙ...” අරුණ කීවේ චෙක්පොතත් ගිණුම් ලේඛනයත් අතට ගෙන නැගිටමිනි

පටන්ගත්තා

යන එන ගමන්, එකතැනක ඉන්න ගමන් ඇහැට පේන දකින දේවල් මට ඕනි විදිහට මට හිතෙන විදිහට පේලි දහයෙන් ලියලා දානවා.