2011-03-31

රාමායනය == Final

Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....
  • රාම - මහේන්ද්‍ර සිං දෝණි
  • රාවණ - කුමාර් සංගක්කාර 
  • ලක්ෂ්මණ - යුවරාජ් සිං
  • ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්
  • කුම්භකර්ණ - මහේල ජයවර්ධන 
  • භරත - සචින් ටෙන්ඩුල්කාර්
  • සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්
  • හනුමාන් - හර්බජන් සිං
  • දශරථ - ගැරී කර්ස්ටන්
  • සීතා - World Cup
  • විභීෂණ - චාමර සිල්වා...
ක්‍රීඩාව යනු ආතල් එකකි. ඔලිම්පික් ආරම්භ වන්නේ යම් හේතුවක් උදෙසාද ක්‍රීඩාව පැවතිය යුත්තේ ඒ උදෙසා බව මගේ පුද්ගලික හැඟීමයි.. දැන් ඇත්තේ වෙන ක්‍රීඩාවකි. සහයෝගීතාවය අහලකවත් නැත. ඇත්තේ වෙන මොකද්ද එකකි ක්‍රීඩාව නොවේ.. ඒ මොකක් වුනත් මම සිස්ටම් එක ඇතුලේ සිට World Cup බලමි.. මම ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියා උද්ඝෝෂන කර CH එකට ගොස් තරඟ බැලුවේ නැති නිසා අවුලක්ද නැත..
චාමර අපි ඔබගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙමු.. 

2011-03-11

වැරදීම..

සීතල රෑක...
උණුසුම් තරු එලියේ
උඹේ අඩවන් වෙච්ච ඇස් දෙකෙන්...
මට ලෝකය පේනන ගන්නකොට...
උඹ කාගෙ කවුද කියලා
මට අමතක වුනා...
අනේ මට සමාවෙයන්..