2010-12-26

බෝදිලිමා....

අද වනවිට නූතන නාගරික හා අර්ධ නාගරික සමාජයේ අසන්නට නොලැබුණද තාමත් "නූතන වසංගත" වලින් ඉඳුල් නොවූ ගැමි සමාජය තුළ බෝදිලිමා ගැන පැතිර පවත්නා අදහස්‌ හා ආරංචිසේම ප්‍රචලිතව පවත්නා කරුණු 100% ක්‌ම විශ්වාස කළ නොහැකි වුවද බොදිලිමා යනු සම්පූර්ණම මිත්‍යා විශ්වාසයක්‌ යයි ඉවත දැමීමට නොහැකි වන තරමටම ඒ සමාජයේ ඇතමුන් තුළ භීතියක්‌ හා සැකයක්‌ උපදවා ඇත. කිසිදු අයුරකින් නාගරීකරණයේ කිසිදු අවස්‌ථාවකට කිසිසේත්ම හසුනොවූ අන්ත ගැමි කතක්‌ වූ මියගිය මගේ මිත්තනියද බොහෝවිට මා හය හතර නොතේරෙන කුඩා දරුවකුව සිටි අවධියේ වරින්වර බෝදිලිමා ගෙන් ඇතැමුන්ට සිදුවුණායෑයි කියන අකරතැබ්බ ගැන ලොමු දැහැගන්වන වාර්තා ඉදිරිපත් කර ඇත්තීය.

බෝදිලිමා කලඑළි බසින්නේ අඳුරු රාත්‍රි කාලයේ වන අතර ඉතා බියකරු අප්‍රිය ජනක හ්... ම්.... හ්..... ම් යන ශබ්දය නැගීම උගේ සිරිතය. මේ ඇඟ කිලිපොලා යන හඬ බොහෝවිට සවන් වදින්නේ ළමා වයස ඉක්‌මවුවනට වන අතර ඒ පිරිමින්ට පමණක්‌ අනතුරු දායක වීම මෙහි ඇති සුවිශේෂි තාවයද වන්නේය. මේ හඬ සවන්වැකි කුමණ හෝ වික්‍රමයකින් අනතුරු නිරුපද්‍රිතව බේරි ආ බොහෝ පිරිමි මේ හඬ ගැන විස්‌තර කර ඇත්තේ ඒ හඬ වැඩිපුරම සාමාන වන්නේ අවිධිමත් දරු ප්‍රසූතයකදී අසරණ ගැබිණි මාතාවක්‌ නඟන බියකරු වේදනා පිරි දුක්‌ඛඃදායී හඬකට බවය.

බෝදිලිමා දුටුවා යයි කියන අය සමහර විටෙක ඌ වලසෙකු වැනි සතෙකු තරම් වන අන්දමකට බෝලයක්‌ පරිදි වකුටුවී දඩිබිඩි ශබ්දයක්‌ නගමින් පෙරළී ගියා යයි කීවද ඒ සතාගේ දෑස්‌ දෙකන් මුහුණ ඇඟපසඟ ආදිය ගැන නිවරදි විස්‌තරයක්‌ කිරීමට තරම් අසමත් වන්නේ අන් කිසි හේතුවක්‌ නිසා නොව බෝදිලිමා දුටු සැණින් සිහි එලවා ගත නොහැකි තත්ත්වයකට පත්වන බැවිනි.

බෝදිලිමා ගැන කියන සෑම දෙනකුම පාහේ කියන කතාව වන්නේ ගැබ් බරින් නිදහස්‌ වීමේ හෙවත් දරු ප්‍රසූතියේදී සිදුවන අකල් මරණයකින් පසු ඒ කාන්තාවන් බෝදිලිමා වී උපදින බවකි. එහෙත් දරු ප්‍රසූතියකදී මියයන සියලුම කාන්තාවන් බෝදිලිමා වන් වී ඉපදීම සිදුවෙතැයි කීම හෝ විස්‌වාස කිරීම මහා විහිළුවක්‌ වන්නේ නූතනයේ අප සමාජයේම සිදු කරනු ලබන නීතිවිරෝධි සමාජ විරෝධි ගබ්සා කිරීම් දෙස බලන විටය. ඒ අනුව බලතහොත් වසරකට අපේ සමාජයේම බෝදිලිමා වරුන් දස දහස්‌ ගණනක්‌ ඉපදිය යුතුය.

බෝදිලිමා ගැන කියෑවෙන රසවත් කතාද නැත්තේ නොවේ. මැරුණු ගැහැණියක්‌ බෝදිලිමකු වී නිවසට පැමිණි කල නූල් බෝලයක්‌ අවුල් කොට එය නිරවුල් කිරීමට ඒ භූතයාට දීමේ රසවත් කථාවක්‌ ගැමි වහරේ ඇත. ජීවිත කාලයම ලිහුවත් අවුල නිරවුල් කරගත නොහැකි නිසා ඒ මගින් බෝදිලි උවධුරෙන් ගැලවී ගත හැකි බව ඒ කතාවේ වැඩි දුරටත් පැවසේ. වින්නඹු මාතාව කැඳවා ගෙන ඒමට ගිය මිනිසකු ආන්ධකාර රාත්‍රියකදී තනිව යාමේදී බෝදිලිමකුට අසුවී ස්‌ථානෝචිත ප්‍රඥවෙන් ගැලවුණු කතාවක්‌ද ගැමියන් අතර වේ, වින්නඹු මාතාව සොයා තනිව ගිය ඒ අඳුරු රාත්‍රියේදී අතරමගදී හමුවූ බෝදිලිමකු මිනිසාගේ පිට පහුරු ගාන්නට පටන්ගත්තේලු. බෝදිලි උවදුරෙන් ගැලවෙන එක්‌ මගක්‌ කල්තියාම දැනගෙන සිටි ඒ මිනිසා තම වස්‌ත්‍රය ගලවා දමා උපන් ඇඳුමෙන්ම දුවන්නට වීලූ. බිමහොත් වස්‌ත්‍රයට මිනිසා යෑයි රැවටුන බෝදිලිමා වස්‌ත්‍රය බදා ගත්තේලු.

බෝදිලිමා හැම විටම පාහේ තරුණ විය ඉක්‌මවා යන කාන්තාවන්ට බිය බවද කියති. එසේ වන්නේ ගැහැණිය වයසත් සමග වඩා සටකපට ප්‍රයෝගකාරි දුෂ්ඨ හා රෞද්‍ර මූදේවියකට පරිවර්තනය වනවා යයි කියන නිසාද යන්න සොයා බැලිය යුතුය. බෝදිලිමකුට බියවූ අයට දෙන නොවරදින ප්‍රතිකාරය වන්නේ හොඳම වර්ගයේ කනේ පහරක්‌ බව ගැමියන්ගේ විශ්වාසයය. මෙහි වඩා විශ්මය ජනක සිද්ධිය වන්නේ ඒ අතුල් පහර ගැහැණියකගෙන්ම ලැබිය යුතුය යන්න විශ්වාස කිරීමය. පහරේ වේගවත් කම අනුව ආතුරයාට නිතැතින්ම ඇතිවන්නේ බෝදිලිමාට වූ බියට වඩා පහරේ වේදනාවත්, ලඡ්ජාවත්, පලිගැනීමේ චේතනාවක්‌ නිසා ඔහුගේ බෝදිලිමාට බිය වූ මානසික තත්ත්වය වෙනත් අතකට පෙරැළී බෝදිලි මානසිකත්ව රෝගයෙන් ඔහුට මිදෙනු හැකිවිය හැක.

සමහර ගැමි විශ්වාසයනට අනුව නම් බෝදිලිමාට වෙඩිතබා මරා දැමිය හැක. මේ සඳහා කළ යුතුවන්නේ බිය නොහඳුනන හැඩි දැඩි පිරිමියෙකු ගිනි අවියක්‌ද රැගෙන මල්පැලක්‌ ගසා එහි දල්වන ලද පොල්තෙල් පහනකුත් බුලත් කොළ කීපයකුත් තබා විමසිල්ලෙන් සිටීමය. මැදියම් රැය ළඟා වන විට පහන් එළිය දකින බෝදිලිමා මල්පැල වෙත පැමිණ එහි ඇති බුලත් කොළ ගෙන පහන් දැල්ලෙන් රත්කර තමාගේ බඩ රත්කරන්නේලු. ඒ මොහොතේ ක්‍රියාත්මක වී බෝදිලිමාට වෙඩි තැබිය යුතු අතර එසේ කර පසුවදාම බැළුව විට මල්පැල අසල වැටී මරුමුවට පත්ව සිටින කටුස්‌සෙකු දැකිය හැකිවන්නේලු.

පරම්පරාගතව පැවතෙන නිසා හෝ විශ්වාසයන් නිසා හෝ විචාර බුද්ධියෙන් තොරව ගැමියන් කියන මේ බෝදිලි වර්ණනාව බොහෝ විට ඔවුන් කියන්නේ තමන් අත්දුටු සිද්ධිදාමයක විස්‌තරයක්‌ම වන පරිදි හෙයින් සමහර විට අසන්නා තුළ කිසියම් බියක්‌ චකිතයක්‌ මෙන්ම යම්කිසි ප්‍රමාණයක අන්ධ විශ්වාසයක්‌ද ගොඩනැඟීමට ඉඩ ඇත. සමාන්‍ය ජන ජීවිතයේ දිවා කාලයේ වුව සාමාන්‍යයෙන් නිතර දෙවේලේ දකින කටුස්‌සකුට වඩා පැහැයෙන් හා ප්‍රමාණයෙන් වෙනස්‌ හිරු එළියට නිරාවරණය වූ විට වරින් වර පැහැය වෙනස්‌ කරනා කටුස්‌සෙකු දුටුවිට අසරණ ගැමියෝ විශ්වාස කරන්නේ ඒ රාත්‍රිකාලයේ බෝදිලිමකු වූ සතකු දිවාකාලයේ කටුසු වෙස්‌ ගත් බවය.

අසරණ අහිංසක අව්‍යාජ ගැමියන්ගේ මේ විශ්වාස නිසා රාත්‍රි කාලයේ අයාලේ යන නිසාචර පිරිමින්ගේ ගමන් බිමන් වලටත් අසම්මතයේ බැඳී සමාජ විරෝධී ලෙස හැසිරෙන පිළිකුල් චරිත ඇති ගැහැණුන්ටත් කිසියම් ප්‍රමාණයක වැට කඩොලු බැඳුන බව නම් පැහැදිලිය. මෑත කාලයේ දී නම් බෝදිලිමකු ගැන අසන්නට ලැබුණ බවක්‌ වාර්තා වී නොමැත. එසේ වී ඇත්තේ සමහර විට අව්‍යාජ ගැමිසිරිත් විරිත් ඇදහිලි විශ්වාස තුට්‌ටු දෙකේ තොරම්බල් සංස්‌කෘතියට හසුවීම නිසා හෝ බෝදිලිම වරු නැතුවට පසුගිය කාලය පුරාවට කොටි, කලුකොටි, මුහුදු කොටි පමණක්‌ නොව අද දවසේ පවා දඩයම් බල්ලන්ගේ ජන ජීවිතයට වන මහත් හානිය නිසාම වියහැක.

දිවයින - ආර්. සී. වතුහේන.

ප/ලි
"අව්‍යාජ ගැමියා"
"තොරොම්බල් සංස්කෘතිය"
"නූතන වසංගත" ආදී වචනවලින් ලේඛකයා තම මනෝව්‍යාධිය නොපෙන්වා මෙම කරුණු සාහිත්‍යමය රසයක් ලබා දීමේ අරමුණින් සිදුකලා නම් වටිනාකම කියා නිම කර නොහැකි වනු ඇත. හුදෙක් මිත්‍යා විශ්වාසයක් වුවත් ඕනෑම අයෙකුට රස විඳිය හැකි කතාවකි. (" පිටස්තරයා ")

2010-12-07

පුර හදෙන්..


අහස දිහ බලන්න
රෑ අහස දිහා..,
එක දවසකට ලස්සනට පිරිලා
මුලු ලෝකෙම එලිය කරන හද
තව දවසකට නොපෙනීම යනවා.
අපේ ජීවිතත් ඒ වගේ.

අපි අමාරුවෙන් කලාවෙන් කලාව
එකතු කරලා පුරව ගන්න හදන පසලොස්වක හද
අපේ ලස්සනට , ආසාවට වගේම
මුලු ලෝකෙටම එලිය දෙන්න හදන හද..,
ලෝකය හින්දම දවසින් දවස පුන්චි වෙනව
ඇත්තටම එයාට දවසක
මුලු ලෝකයෙන්ම හැන්ගිලා ඉන්නත් වෙනවා

ඒත් ..........
හද පසුබට වෙන්නේ නෑ
එයා ආයෙත් ජීවිතේට
පුන්චි පුන්චි දේවල් එකතු කරන්
පිරිලා හිනවෙන්නයි බලන්නේ
අඩුම ගානෙ එකදවසකටවත්

2010-12-05

මා හැරගිය නුඹට

ඔබ......,
මගේ නොවන බව දැනුනත්
ඔබේ සැප දුක විමසන්නට සිතෙයි.
තවත් වරෙක
ඔබ සොය එන්නට ද සිතෙයි.
ඔබේ හිස මා ලැමෙහි හොවා
පෙරදා මෙන් සතපවන්නට
සිතෙයි.
නමුදු නුඹ...
දැන් මා සතු නොවන බව දැනී
සියදහස්වර මියදෙන්නට සිතෙයි
හදවත නවතින්නට යන්නා සේ දැනෙයි
දෙනෙතෙහි වියැලුනු කදුලු දිය
යලි යලිත් අලුත් වී ගලයි
මා අන්කිසිවකුට
ආදරය කිරිමට දන්නේ නැතැයි සිතෙයි
යම් මතු දිනෙක
නුඹ..........
යලිදු මගේ වී
මා දිවියම සනසවාවි යැයි සිතෙයි

2010-11-23

ලූස් මෝෂන් වූ ජාත්‍යාලය..

සන්දිරන්ගේ කඩෙන්,
හරක් මස් කාපු....
අස්රාන්ගේ කඩෙන්,
ඌරුමස් ඉල්ලපු....
පිරිත් පැනින් දොවා,
පාවඩ උඩින්, 
උඩු වියන්, මුතුකුඩ යටින්,
වඩම්මන 
ලූස් මෝෂන් වූ ජාත්‍යාලය....

2010-11-15

ආපහු හැරෙන්න බෑ සහ කොලම්බු කලම්බු

කලම්බු කලම්බු බලන්න ගිය දින අනෝරා වැසි ඇද හැලුනි.. ජෝන් ද සිල්වා රඟහල ඇතුලේ තෙමුනේ නැත.. ඒත් නාට්‍ය 20 වනදාට කල් ගියේය.. ඒ වහලට වැහි බිඳු වැටෙන සද්දෙට දෙබස් ඇහෙන්නේ නැති වීම නිසාය.. රාජ්‍ය නාට්‍ය උලෙලට ජෝන් ද සිල්වා රඟහල ගත්තේ ඇයි? ලයනල් වෙන්ඩ්ට් එකේ මම අනන්තවත් වැසි දිනවල නාට්‍ය බලා ඇති නමුත් වැස්ස නිසා නාට්‍ය නවත්වා දමා නැත.. ජෝන් ද සිල්වා රඟහල දැන් තිබෙන තත්වයට එය නාට්‍ය පෙන්වීමට සුදුසු නැත.. එක්කෝ රඟහල අළුත්වැඩියා කල යුතුය. නැත්නම් නාට්‍ය පෙන්වීම නැවැත්විය යුතුයි.. අවසානයට බැලූ රාජ්‍ය නාට්‍ය තිබූ දින හමුවූ  ඩෝසන් අයියා 1995 වසරේදීත් ජෝන් ද සිල්වා රඟහලේ නාට්‍ය බලා ඇත.. මෙය එතරම් ඉතිහාසයක් ඇති රඟහලකි කොටින්ම ලංකාවේ නාට්‍ය සමග ජෝන් ද සිල්වා රඟහල දෙබිඩි දරුවෙකු මෙන් ඇලී ගැලී ඇත..
ආපහු හැරෙන්න බෑ  නාට්‍ය අතරතුරදීද වේදිකාවේ ආලෝකය නැතිවිය.. දෙපාරක් තුන්පාරක් ගියතැන රාජිත සභාව ඇමතීය..
මම උදේ මේ ප්‍රශ්නෙ ගැන සංස්කෘතික අමාත්‍යාංශය දැනුවත් කලා. ඒකට කිසිම ප්‍රතිචාරයක් නෑ.. දැන් තමා අදාල පුද්ගලයින් මේක නිවැරදි කරන්න කටයුතු කරන්නේ. මෙහෙමයි ලංකාවේ අමාත්‍යාංශ වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ..
ඒක නිසා දැන්වත් ජෝන් ද සිල්වා රඟහල ගැන සලකා බැලුවොත් හොඳයි වගේ නේද..?

2010-11-02

දෙයියන්ගේ පිහිටයි...

ඊයේ සිරා දවසකි..
දවල් එකට බොන්නට පටන්ගෙන හවස පහ හමාර වෙනකොට ඒකත් මගදි නවත්තලා දාලා දඩිබිඩිගාලා ගෝල්පේස් එකේ ඉඳන් රුපියල් 120 ක් ත්‍රීවිල් එකකටත් දීලා ජෝන් ද සිල්ව එකට ගියේ රාජ්‍ය නාට්‍ය උලෙල බලන්න පරක්කු වෙයි කියලා හිතාගෙන. ස්ටේජ් එකේ ලයිට් වැඩ කරන්නේ නැතුව ගිහින් උලෙල හෙටට කල්දාලා... හරි මගුලක්.. මේක ලංකාවෙ නාට්‍ය සම්බන්ධයෙන් තියෙන හොඳම උත්සවය.. පට්ට දුර ඉඳනුත් මිනිස්සු ඇවිල්ලා.. ඉතිං ලංකාවේ මිනිස්සු නාට්‍ය බලන්නේ නෑ කියලා කියනවා.. මිනිස්සු නාට්‍ය බලන්න යනකොට නාට්‍ය නැතිවුනාම ආයිත් ඇවිත් මිනිස්සු නාට්‍ය බලයිද ... බලධාරියනි මේ ඔබේ අවධානය පිණිසයි...

2010-08-10

මගෙ පුන්චි කාලෙ















පාවහන් පොඩිත් නැති
සිනිදු සියුමැලි පුන්චි පා පොඩි ඔසවන්
රලු බොරලු ගුරුපාර දිගේ
පොත් පිරුනු සිලි බෑගයත් අතින් අරන්
චුටි සුදු රැලි ගවුම් පොඩියත් ඇදන්
මගේ පුන්චි ඉස්කොලෙට
ගියපු හැටි

මගෙ පුන්චි යාලුවො
ලස්සන සපත්තු බෑග් අරන් එද්දි
චූටි ඇස්වල කදුලු පුරවන් හුල්ලපු හැටි
පන්තියෙ මුල්ලකට වෙලා
ඒ චූටි අහින්සක කෙලිපැටිය පඩම් කරපු හැටි
ඒ මතකයන් පිරුනු මගෙ පුන්චි කාලෙ
මතක් තියෙවි
හැමදාමත්...........

2010-08-07

කුළුදුල් ලිපිය

ඇඹා නොහොත් ආගන්තුකයානෙනි,

සිත තුල උපන් සිතුවමක්,
තෙලිතුඩින් ලියවෙන පදවැලක්,
වෙනුවට,
යුනිකෝඩයක් ලෙසින්
සයිබර් අවකශයෙ පළකිරිමට
ඔබේ බ්ලොගයේ
ඉඩහසරක් දෙමින්
මා කුළුදුල් බ්ලොග්කරුවෙකු කල
ඔබටයි මේ කුළුදුල් ලිපිය.
ඔබටයි මේ තුති පිදුම.

2010-07-23

මුරලි නම්බු පිටින් ගිය වග..

මුරලිව මට මතක තිබුනේ මුරලිට අවුරුදු විසිදෙකේදීය.. එතකොට මට අවුරුදු දහයක් වෙන්නට ඇත.. පාලිත පෙරේරා වීදුරුවක වුනත් දඟකවන්න පුළුවන් කියා මුරලිට කිව්වා මතකය. මුරලිගේ අන්තිම තරඟය ගැන මම අහනකොට මට අවුරුදු විසිපහකි. තවමත් මුරලි වීදුරුවක වුවද දඟකවයි. තවමත් මුරලිට ඉනිමක විකට් පහක් ගැනීම ගේමක් නැත. ඒත් මුරලි සමුගත්තේය.
පහල ඉඳන් සමුගන්නවා වගේ නෙවෙයි පීක් එකේ ඉඳන් සමුගන්න එක 
කවුද එකෙක් එහෙම කිව්වා මතකය. ඇත්ත.. මුරලි පීක් එකේ සිටියේය. මුරලි එක්ක ලංකාවට එච්චර බැඳී ඇත්තේ ඒ නිසාය.. මුරලි ලාංකිකයෙකි. මුරලි මිනිසෙකි. අවසානයේ මුරලි නියම ක්‍රීඩකයෙකු බවද පෙන්වා දී සමුගත්තේය. ස්තූතියි මුරලි..

මම...

මටම නොපෙනෙන
මටම හිතාගන්න බැරි
මම කවුද කියා
තාමත් හොයන
මම.....

2010-07-19

ඇය යන්න ගිය වග..

එදා දවසේ ඒ මොහොතේ එතන ඉන්නට තරම් පව්කාරයෙකු වූ මමත් වචනයක් ලියා තබමි. උදේ පාන්දර කඳුලු පුරෝගත්තු මලී මම දොර ඇරපු ගමන්
“ලසියො අපේ පැටී නැතිවුනානේ බං..“ 
කියන කොට මම ඈතට වෙලා පැටී දිහා බලන් හිටියේ මූ බොරුවක්වත් කරනවාද කියලා.. නිශාචරයෙක් වගේ රෑ දොලහට ඇගේ ගෙදරට ගොඩවුන මගේ ඇඟට වෙනදා වගේ පැනපු විදිහට මම හීනෙකින්වත් ඒ වචන පහ උදේ පාන්දර ඇහෙයි කියලා හිතුවේ නෑ.
                මිනිස් සම්බන්ධතා ගැන පට්ට උදාර විදිහට කතා කරන මට පැටී අළුත් අත්දැකීමක් වුනේ පැටී තවත් එක් බැල්ලක් නොවුන නිසා වෙන්න ඇති... නැගිටපු ගමන් ලක්ෂ්මන් අංකල් එක්ක පැටීගේ වල කපනකොට මම ලක්ෂ්මන් අංකල්ගෙ හිතේ තියෙන දුක මනින්න බාල උත්සාහයක් දරලා අන්තිමට ඒක අතෑරියේ ඒක ගොන් වැඩක් කියලා හිතුන හින්දා... සුනී ඇන්ටිගේ දහවල් වරුවේ තනිය මකපු පැටී සුනී ඇන්ටිව තනි කරලා දාලා අපිවත් දන්නෙ නැති තැනකට යන්න ගිහින්...
               පැටීගේ දුක බෙදාගන්න සනී මාමා, තුෂාර අයියා, ගංගා, මම එකම දේ රෑ එකොලහ වෙනකම් කියව කියව හිටියේ පැටී නැතිවුන දුක හැමෝටම දැනුන හින්දා වෙන්න ඇති, වෙලාවකට ඒක ලක්ෂ්මන් අංකල්ට එල්ලවුන බැණුමක්... වෙලාවකට හිටපු ගමන් එන සුසුමක්... අතරින් පතර වතුර එකක් බොන්න කුස්සියට හොම්බ දාපු මට කඳුලු පුරෝගත්තු සුනී ඇන්ටිව දැකලා සනී මාමා කිව්වා වගේ “දැන් අඬලා මක්කොරන්නද“ කියලාවත් නොකියා බිම බලාගෙන මාරු වුනේ ඒ බැඳීම තක්සේරු කරන්නට තරම් මිම්මක් මම ලඟ නොතිබුන නිසා වෙන්න ඇති.
               පැටී යන්න ගිහින් අන්තිම වෙනකම් අපිත් එක්ක හිනාවෙලා හිටපු පැටී හිටිවනම ඇස් දෙක පියාගෙන. පැටීගෙ වලේ ගහපු හඳුන්කූරු නිවිලා ගිහින් අළු දැන් පොලවට පස්වෙලත් ඇති ඒත් ඊලඟ වතාවෙත් මම ඒ ගෙදරට පස් පාගනකොට මගේ ඇඟට පැනපු පැටී නැත්තෙ මොකද කියලා මතක නැතිවෙලා හිතෙයි. ටික කලකින් ඒකත් පුරුදුවෙයි ඒත් පැටී ඒ හතරමායිමේ හැමදාම ජීවත් වෙයි..

2010-07-17

යසෝදරා

සිද්ධාර්ථ නික්ම ගියේය
යසෝදරා තනිවිය
හොදවැඩේ යසෝදරා උඹට
මාව අමතක කරලා
රජ සැප හොයාගෙන ගියාට 
(අරවින්ද රත්නායක බූන්දියට ලියපු එකක්)

2010-07-12

අට්ටාපිටියෙ ඔය අසබඩ

රොඩී සුරූපිනියන්ගේ අඟපසඟෙහි අසිරිමත් සුන්දරත්වය, ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමින් ඉඩ සලසා ඇති අඩ නිරුවත් පෙනුම සමග සංයෝග වීමෙන් උද්දීපනය වන ඔවුන්ගේ මන්මත් කරවන සරාගික පෙනුම, උසස් කුලවල සාමාන්‍ය ජනයාගේ පමණක් නොව, ඇතැම් වංශවත් රදළයින්ගේ පවා සිත් සසල කරවීමට සමත් වූ බැවි පැරණි සාහිත්‍යෙයන් හෙළි වේ. අට්ටාපිටිය ඔය අසබඩ එබඳු රදළයෙකුට මුන ගැහුණු රොඩී කැකුළියක පිළිඹඳව එම කුලීනයා තුල පහළව ඇත්තේ මෙවන් හැඟීමකි.

අට්ටාපිටියෙ ඔය අසබඩ සඳුන් ව නේ
හුලවාලියක් දැකලා සිත සලිත වු නේ
පිපුණු මලක් නම් තලලා මිස නොය නේ
කැකුළු මල නිසා යඥ්ඥම් ළඳ ලිය නේ

එයට ඈ දුන් පහත පිලිතුරින් හෙළි වන්නේ උසස් යැයි පිලිගත් සමාජයේ අන්ත පරිභවයට සහ පිලිකුලට පාත්‍රව සිටින තමා වැන්නියක එබඳු කුලීන උත්තමයෙකු අතින් කෙලසීමට පත් විය හැකි නම්, එය මහත් භාග්‍යයක් ලෙස ඇය සැලකූ බවකි.

සි සී වැඩි දවස් නැත මල පිපෙන්න ට
ඔබා තන තිසර පට නැත බඳින්න ට
පිපුණු මලක් නම් නැත නූඹට දෙන්න ට
කැකුළු මල තලා පලයන් පිපෙන්න ට

උපුටා ගැනීම --- ගාඩි ජන වත , චන්ද්‍ර ශ්‍රී රණසිංහ ---

2010-07-06

බේබද්දෝ

ඔන්න එක දවසක් යාළුවො දෙන්නෙක් හොඳටෝම බීලා. උතුර දකුණ සොයා ගන්න බෑ. හරියට පහුවදාට රටේම අරක්කු තහනම් කරනවා කියල හිතාගෙන තමයි බීල තියෙන්නේ. හැබැයි මේ දෙන්න තැබෑරුමෙන් නැගිටල යන්න හදන කොට තමයි මුණ ගැහුණේ
දැන් දෙන්නට දෙන්නා බදාගෙන පයින් ඇවිද ගෙන යනව ගෙදර යන්න. ඔහොම ගිහිල්ල ගෙයක් ළඟ නතර වුණා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතා බහ. නැත්නම් සංවාදේ.

1 මිත්‍රයා - එහෙනම් මචං මම යනවා. චෙරියෝ ගුඩ් නයිට්.
2 මිත්‍රයා - උඹ කොහේ යන්නද? ඔය තියෙන්නේ මගේ ගේ
1 මිත්‍රයා - පිස්සුද? උඹට වැඩියි මේක මගේ ගෙදර.
2 මිත්‍රයා - මට නෙවෙයි පිස්සු ඔයාට. මේක මගේ ගේ. උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නේ.
1 මිත්‍රයා - හරි මේ ගෙදර ඉන්නේ මගේ වයිෆ්. ඊළඟට පුතා. අපි තුන් දෙනා තමයි ඉන්නේ.
2 මිත්‍රයා- ඔයාට පයිත්තියන්. මේ ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි - මමයි හරිද?
1 මිත්‍රයා- හොඳයි මම ද උඹ ද හරි කියල බලන්න දොරට තට්ටු කරමු. සොරි සොරි බෙල් එක ගහමු.

ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා.
නෝනා - හනේ! හනේ!
ලැජ්ජ නැතිකම අද තාත්තයි
පුතයි දෙන්න එකට බීල නේද?
 (ටොයියා එවපු මේල් එකක තිබුනු කතාවක්)

2010-07-05

අසම්මතවාදියා -ෂන් පොල් සාත්‍ර

"සාම්ප්‍රදායික මාතෘ ප්‍රේමය, ගැහැනියකට කරන ආලය ඔහුට නො‍තේරෙන බසකි. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිත කිරීමට ඔහු උත්සහ කළේ නැත. මර්සෝ, සුචරිතයෙකු හෝ දුෂ්චරිතයකු නොවේ. ඔහු කිසිසේත් කිසියම් කොට්ඨාසයකට ඇතුළත් කළ නොහැකිය. එහෙත් ඔහු අසම්මත චරිතයකි. අසම්මත යන්නෙන් අන්තගාමී ගුඪත්වයක් ප්‍රකට නොකරේ. මිනිසාට ‍හෝ ලෝකයට ආගන්තුක අසම්මතයක් මෙහි නැත. මෙම චරිතය වනාහී මිනිසකු වශයෙන් මිනිස් ලෝකයේ ජීවත්වීම සඳහා අවශ්‍ය වූ අසම්මත තත්ත්වයකි. මෙම චරිතය මිනිසත්බව වසා සිටින අන්ධකාරයට සියුම් ආලෝකයකි. තර්කයෙන් පැහැදිලි කළ හැකි ලෝකය අපට හුරුපුරුදුය. එහෙත්, සැණෙකින් කල්පිතයන් සහ ආලෝකය අතුරුදෙහන් වූ ලෝකයක මිනිසාට තමා අමුත්තෙකි. නොකඩවා පවතින ඒකාකාරී ජීවිත රිද්මය – බලාපොරොත්තු කඩවීම – ආගම විසින් මිනිසා රවටනු ලැබීම – යන සියලු දෙයින්ම මිනිසා අපරිමිත අසහනයකට පත්කරනු ලබයි. කායික ජීවිතයේ උද්වේගකර බවත්, මරණයෙහි නියත බවත් අතර ගැටුම මිනිසා අසරණ බවට පත්කරයි. මර්සෝගේ චරිතය එම අසරණ කිරීමට එරෙහි භවසත්තාවාදී දාර්ශනික සාක්ෂියකි."
"හෙටයැ’යි දිනයක් නැත. අප හැම දිනම මිය යන බැවිනි. කිසියම් ලොවක කිසියම් මොහොතක මිනිසා එම ලොවට පිටස්තරයකු සේ හැඟේ. එම කූඩුවෙන් පලායෑමට දොරටුවක්නැත. බලාපොරොත්තු කඩවීම හා මමත්වය ඔහුට අවාසනාත ළඟාකරයි. ඔහු ජීවත් වන්නේ ලෝකය ඉදිරියේ හෝ පසුපසයි. ඔහු තමා විසින්ම දිවි තොර කරගන්නෙකි."
"අසම්මතවාදියා ඔහු විසින්ද දිවි තොර කර නොගනී. ඔහුට ජීවත්වීමට අවශ්‍යය. සම්මතයන් ඔහුට අවශ්‍ය නොවේ. සම්මත කිසිවක් ඔහුට නැත. බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිෂ්ඵලය. වගකීමෙන් තොර ඝාතනයට ඔහු එරෙහි වේ. මිනිසුන් අතර මිනිසෙකු සේ ජීවත්වීමට පෙ‍ළඹේ. මර්සෝ (Indifference) උපේක්ෂාශීලියෙකි."
"අසම්මතවාදියා වර්තමානයේ මිනිසෙකු වශයෙන් ජීවත්වීමට උත්සහ දරයි. ඒ සඳහා අහිංසක අරගලයක යෙදෙන මර්සෝ අහිංසකයකු මිස වීරයෙක් නොවේ. ඔහු මිනීමරුවකු වන්නේ ඔහු නොඉවසන සමාජ ක්‍රීඩාවේ නීතිරීති නොසැලකීමෙනි. ඔහු ජීවත්වන්නේද ආගන්තුකයන් අතර ආගන්තුකයකු ලෙසිනි. ඔහුටද ඔහු ආගන්තුකයෙකි. මරී, ‘අනියම් බිරිඳ’ ඔහුට කැමති වන්නේද ඔහුගේ අසම්මත ස්වභාවය නිසාය. සියලු දෙනාම ඔහු පිළිකෙව් කරන විට, ඔහුට අවමන් කරන විට ඇය ඔහුට ආදරය කරයි."
"එහෙත් අවසානයේ අපි එම ආගන්තුකයා සමඟ බැඳෙමු. බැඳී සම්මත ලෝකයට ආගන්තුක වෙමු."

ෂන් පොල් සාත්‍ර(ඇල්බෙයා කැමූගේ The Outsider පිටස්තරයා හි එන මර්සෝ ගැන)
‘රාවය’ 16 August 2009 on ‘අවකාශය’ අතිරේකය

2010-06-22

රුපියල

ඉතිරි මුදල් වශයෙන්මා අතට රුපියලක් ලැබිනි. එය ස්පර්ශයෙන්ම මා රුපියලක් බව දන්නා නමුදු එය දෙස අද බැලුනි. එය ලංකා රුපියලකි. නිස්පාදනය ව තිබුනේ 1963 ය. පසුගිය දිනෙක මට අවන් හලකදී වයසක මිනිහෙක් මුණ ගැසුනි. ඔහු ද 1963 වන විට කොල්ලෙක්ව ඉන්නට ඇත. එකල ඔහුගේ වැටුප රුපියලයි ශත 15ක් කිවුවේය. මේ රුපියලෙන් ඔහුගේ දිනක වැටුප ගෙවා ඇතයි මට සිතුනි. ඔහු නිවස හදන්න වියදම් කර ඇත්තේ රුපියල් පන්සියයකි. මේ රුපියල් පන්සියයයෙන් එක් රුපියලක් මෙය වන්නට ඇත.
          මේ රුපියල දැනට මියගොස් ඇති කීදෙනෙක් පාවිච්චි කර ඇත්ද.. අත් කීයකට හුවමාරු වී ඇත්ද.. දැන් සහ පෙර වටිනාකම් මේ දෙස බලන්නට ඇත්ද? රුපියල දැනුදු මේසය මත තිබේ. මට හිතෙන්නේ එය කතා කරන්න පටන්ගෙන ඇති හැටියකි. ඉතිහාසය කරා යනවා නම් මුදල් හරහා යන මග එය කියා දෙනු ඇත. එහි ශ්‍රී කෑල්ල නැතිව ලංකා යනුවෙන් සදහන්ය.
         එකල කෙසේ ති‍බෙන්නට ඇතිදැයි මට මැවේ. පළමුව මැවෙන්නේ දේශපාලනික වටපිටාවය. දෙවනුව මැවෙන්නේ පි‍ටිසරබද කොළඹක් හා පිටිසරබද පිටිසරකි.
         මේ රුපියල් දැනුදු අප අතට වැද නොවැදගත්ව නොපෙනී යයි. ආර්ථිකයක හරඹ කල ඒ වයසේ වුන් ද අපට මතට වැද නොවැදගත්ව නොපෙනී යයි. ඒ චමින්දලා ලෙසිනි. සමාජයක ඔවුනට හිමි තැන රුපියල පෙන්වා දෙයි. මේ රුපියල හා එකල ලොක්කන් වූ අපේ වැඩිහිටියන් සමග තිබූ සමීප සබදකම දැන් අප හා මේ රුපියල අතර නැත. දෙකටම වටිනාකමක් නැත. දැන් 2008 රුපියලකට ද වටිනාකමක් නැත.
          ලක්ෂ ගණනක් අත් අතර හුවමාරුව මේසය උඩ ඇති රුපිය‍ල ඊ ළග මොහොතේ මා කාර්යලොයන් පිටව බසයකට නගින විට මාරු සල්ලි ගන්නැයි කෑ ගසා ඉල්ලන කොන්දොස්තරගේ මුහුණට දමා ගසනු ඇත.
           එය යලි ගමන් අරඹනු ඇත. පස්ව හිගන්නෙකුගේ අතට ද නැවත මගියෙකුගේ අතට ද යනු ඇත. එතෙක් මේ රුපියල දශක ගණනක් සිහි කරමින් මා දුකට පත් කරමින් හා දේවල් මෙනෙහි කරමින් මා මේසය මත ඇත.
           1963 හා මා එකට තිබේ. මෙය රුපියලකට වඩා වටී. රුපියල වටින්නේ කොපමනකටද? කිසිවෙකුට කිව නොහැක.
           මා අතට එන නොවැදගත් කාසි සමග කතා කල හැකි බව මට වැටහුණි. මේ බෙදා ගැනීම ඒ වෙනුවෙනි. 


(සංජීව අක්ෂයට ලියූ සටහනක් )

2010-06-21

සුරාබදු

මේක ඉස්සුවේ w3lanka එකෙන්

මත්පැන්
රු.
සීනි, තල්, පොල් අරක්කු බෝතලයකට

421.00

විදේශීය මත්පැන් බෝතලයකට
550.00

5%ට අඩු මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට
37.50

5%ට වැඩි මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට

53.50

වයින් ලීටරයට

275.00

දුම්කොළ කිලෝවකට සුරාබදු

10.00

2010-06-08

වේදනාවේ සෞන්දර්යය

මුහුදෙ ඉන්න මූදු බෙල්ලා ගාව මුලින්ම මුතු ඇටයක් නැහැලු.
එයා අනික් බෙල්ලො වගේම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවලු.
ඒ විදිහට ඉන්න කොට සමහර බෙල්ලන්ගේ කටුව ඇතුලට වැලි කැටයක් ඇතුල් වෙනවලු අහම්බෙන්.
එයාගෙ හම ගොඩක් සිනිදු නිසා හම ඇතුලේ වැලි කැටය තෙරපෙද්දී එයාට දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවලු.
ඒ වේදනාව නිසාම එයාගේ සමෙන් වැලි කැටය මතට ලිහිසි ද්‍රාවණය මුදා හරිනවලු.
වැලි කැටයට කැපෙන හැම වාරයක් ගානෙම ඒ විදිහට වෙනවලු.
කල් යනකොට ඒ ද්‍රාවණය වැලි කැටය මත ඝණීභූත වෙලා මාරම ලස්සන මුතු කැටය බිහිවෙනවලු...
ඒ වේදනාවේ සෞන්දර්යයි. වේදනාවෙන් උනත් ලැබෙන සෞන්දර්යය හෙන ආතල්.
මචෝ ඒ ආතල් එකත් විදල බලන්න වටිනවා

 
            (තේරුමක් නැති කතාවතුෂාර දාපු කමෙන්ටුවක් )

2010-05-17

මේ දවස්වල වැස්ස.....

වැස්ස ගැන මම දන්න උන් කියපු කතා ටිකක් උස්සලා දාන්නම්....
මෙහෙට හරි වැස්ස.........!
අපට කවි ගේන වැස්ස...!!!බර උස්සන ,
කිරි කපන, වල් නෙලන මිනිසුන්ට එදා වේල නැති කරන වැස්ස....!!!!
ඒ මාලතී අක්කාගේ ෆේස්බුක් ඉස්ටේටස් එක...
චූ කරන්නේ කොහොමද ටොයිලට් එකක් නැතුව..
ඇවිදින්නේ කොහොමද පාරුවක්වත් නැතුව...
බත් කන්නේ කොහොමද කටක් හොයාගන්නවත් බැරුව....
ලියන්නෙවත් කොහොමද කී බෝඩ් එකක්වත් නැතුව...
  මේ මම බස් එකට දාපු කවියක්
යන එන ඔරැ පාරැ නවතා සිටියත්
කිඹුලො වැහි වැහල කොළඹ
මේ මනෝජ් බුවා මට චැට් එකේ එවපු පිලිතුරක්....
මේ සීතලේ මහත සුදු ගෑනියකුට 
කූටාලු වෙලා නිදා ගන්නවාට වඩා 
අනන්ත දෙයක් මේ වැස්ස, අකුණු සහ හිරිගඩු 
මට කියා දෙනවා....
 මේත් මනෝජයාගෙම බස් එකක්......

2010-04-27

ජැෆ්නා වන්දනාව

දැන් දඹදිව වන්දනාවේ යන අය අඩුවෙලා ඇති මයෙ හිතේ.
ඇයි දැන් ඔක්කොම යන්නෙ යාපනේ නේ.
සමහරු හිතා ඉන්නෙ, මීට අවුරුද්දකට විතරකලින් ඉවර කලේ ධර්ම යුද්ධයක් කියල.  
මිත්‍යා දෘෂ්ටිකයන් විසින් වටලා තිබනු වන්දනා භූමි ටික නිදහස් කර ගන්න. 
හරියට කුරුස යුද්දෙ වගේ.
මාරයි....! 
(කසුන්)

2010-04-26

එළිය

හඳට
බැරි-වෙයිද
ලොකුවෙන්න
තව ටිකක්-
ගමට
ලයිට් එනතුරු
 
(තරංග ජයසේන)

2010-04-20

'මත්තීගේ' ‍ගීතය

"මා මළත් මෙලෝ කුස
‍රෝස මල් පිපෙනු ඇත
වසන්තය දලු දමා - සුවහසක් කල් පුරා
අමාවක මැදියමක - මා නොමැති බව දැනී
මගෙ සුසුම් රැඳි තොලක
උණු සුසුම් සොයනු ඇත.

මට හොරා මගේ හිත
හඳුනගත් එක් අයෙක්
මා නිදන මගෙ සොහොන
වෙත පැමිණ හඬනු ඇත."

- 'මත්තීගේ' ‍ගීතය
- 'පුන්තිලා' බර්ටෝල් බ්‍රෙෂ්ට්

ඌ මොන ගස් ගෙම්බෙක්ද..?

යාපනය වෙනම රටකි..
දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය තිබුනේද යාපනයේය..
ඒක ගිනිතිබ්බේය..
එකෙක් මෙසේ පවසන ලදී....
කොටින්ට ඊලමක් ඉල්ලන්න ඔය කරපු අපරාදෙම ඇතිනෙ....!
ඌ මොන ගස් ගෙම්බෙක්ද..?

2010-04-06

හීන

හීන දකිනවා කියන එක ඒවා කොච්චර දුරථ යථානූරූපීව කරන්න පුළුවන්ද කියන මත වෙනස් වෙනවා. හීන හැම එකක්ම සුන්දරයි. ඒ ‍මොකද අපි අපේ අනාගත ඒ හීන වලින් ගොඩනගන්න හදන හින්දා. ඒක හින්දා හීනය කියන එක හැ‍මවෙලේම ඇත්තක් කරගන්න පුළුවන් නම් ඒක සිරා හීනයක්..  
හීන කියන එක සැනසීමක් ලබා ගැනීමට කරන තාවකාලික ව්‍යායාමයක් විදිහට දකින එකට මම එකඟයි. අපි අද මැරෙයි කියලා හිතනවනම් අපි කවදාවත් හීන දකින්නේ නෑ අපි හීන දකින්නේ ඒ හීනය සැබෑවෙන දවසවෙනකම් අපි ජීවත් වෙයි කියලා අනුමානයේ ඉඳගෙන. අද මැරෙනවා කියලා හිතුවොත් අපිට හීන දකින්න බෑ.. ඔන්න කතන්දරේ... 
                  එච්චරයි....෴

2010-04-05

ඒකාඅධිපති ගැන අදහසක්.

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ඒකාඅධිපති ගැන මෙන්න මරු අදහසක්.
අදහස කසුන්ගෙ.

'' ....ආඥාදායකත්වය කියන්නෙ පෙර පුරුදු විදියට රළු සහ නග්න
ස්වරූපයෙන් නැහැ. ඒ වෙනුවට ඒක මාර සූක්ෂමයි. දැන් experience දේ වෙන්නේ ඒක.
ඒත් ඒකාධිපති තුල පෙන්වන ඒකාධිපතියා විහිළුවක්. ඒක යල්පැනල
මේක දේශපාලනික වශයෙන් වර්තමාන ක්‍රමයට කිසිම අභියෝගයක් නැහැ.මගේ අදහස
ඒ හින්දා නාට්‍යය ෆේල්.."

සංවාදයට විවෘතයි...

2010-03-31

නොදැන සිටි උන්ට ෴

AKON SUPAFEST 2010, COLOMBO
Main sponsor – Dialog
Co Sponsors – Cinnamon Grand / Srilankan Airlines / Aqua Fresh water
In association with – Sri Lanka Tourism Promotion Bureau (www.srilanka.travel)
Media Sponsor – Maharaja Group
        කුඩු කරපල්ලා එකක් නෑර..

෴ පැබ්ලෝ පිකාසෝ ෴

කලාව අපට සත්‍යය වටහා ගැනීමට මඟ පෙන්වන බොරුවකි.
නරක චිත්‍ර ශිල්පීන් කොපි කරති. හොඳ චිත්‍ර ශිල්පීන් සොරකම් කරති.
මම ද්‍රව්‍ය දකින අයුරින් නොව ඒ ගැන සිතන අයුරින් ඒවා අඳිමි.
මට රෆායෙල් මෙන් සිතුවම් ඇඳීමට වසර හතරක් ගතවිය. නමුත් ළමයෙක් මෙන් ඇඳීමට ජීවිත කාලයක්ම ගතවිය.
සිතුවම් ඇඳීම අන්ධයෙකුගේ වෘත්තීයයි. ඔහු අඳින්නේ ඔහු දකින දෙය නොව ඔහුට හැඟෙන දෙයයි. ඔහු දුටු දෙය කුමක්දැයි ඔහුටම පවසන දෙයයි.
ඇතැම් චිත්‍ර ශිල්පීහු ඉර කහ පැහැති ලපයක් බවට පත් කරති. අනෙක් අය කහ පැහැති ලපයක් ඉර බවට පත් කරති.
 
                                        ෴ පැබ්ලෝ පිකාසෝ ෴

නිශ්ඵලය..

රවී, කමල් හා විමල් මාදු ගඟේ එක දවසක් නාන්න ගියා. රවි වෙනදාට වඩා ඈතට ගියේ රවීට පීනන්නට බැරි බව අමතක වෙලා වෙන්න ඕනි. එහි ප්‍රතිඵලය වූයේ රවියා දියේ ගිලීමය. විමල්ගේ පිහිනීමේ හැකියාවට හා කමල්ගේ ප්‍රථමාධාර වලට පින් සිද්ද වන්නට රවියාගේ ජීවිතය බේරුණි.
   නමුත්.........
සිහිය ආ රවියා "තොපි මට නාන්නවත් දුන්නෙ නෑ නේද යකෝ" කියමින් අනික් උන් දෙන්නාට බැණ වදින්නට විය.
ලංකාවටද වෙලා තියෙන්නේ මේකය. ලංකාවේ මී හරක් වෙනස් කරන්න උත්සාහ කිරීම නිශ්ඵලය...

2010-03-30

ලංකාවේ බූරුවන්

ලංකාවේ බූරුවන් කොට්ඨාශ දෙකකි
  • එකක් දැනුවත් බූරුවන්ය 
  • අනෙක නොදැනුවත් බූරුවන්ය
දැනුවත් බූරුවන් බූරු වැඩ කරන්නේ නොදැනුවත් බූරුවන්ව බූරුවන් කිරීමටය. නොදැනුවත් බූරුවන් දැනුවත් බූරුවන්ට රැවටී තවදුරටත් බූරුවැඩ කරති..

෴ දින පොත නරකද? ෴

“ඔයාට හිතෙන්නේ නැද්ද අරුණ. මම නවකතා පොතක් වුණා නම් හොඳයි කියල? නිශාන්ති අරුණගේ මුහුණට එබෙමින් ඇසුවේ ප්‍රේමණීය බැල්මක් ඔහු වෙත හෙළමිනි.

“ඒ ඇයි” අරුණ ඇසුවේ ගිණුම් ලේඛනයෙන් තම දෑස් ඉවතට ගනිමිනි.

“ඇයි අනේ එතකොට ඔයාට හැම වෙලාවකම මාව ළඟ තියාගෙන ඉන්න පුළුවන්නෙ.” නිශාන්ති කීවේ ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් තොදොල් වෙමිනි.

“ඒකනම් ඇත්ත තමයි... ඒ වුණාට මං කැමැතියි ඔයා දින පොතක් වුණා නං...” අරුණ කීවේ චෙක් පොතේ පිටු පෙරළමිනි.

“ඒ මොකද අනේ...?” නිශාන්ති එවර ඇසුවේ කුතුහලයෙන් තොදොල් වෙමිනි.
“නෑ එතකොට මට අවුරුද්දක් ගානෙ මාරු කරන්ඩ පුළුවන් නෙ...” අරුණ කීවේ චෙක්පොතත් ගිණුම් ලේඛනයත් අතට ගෙන නැගිටමිනි

පටන්ගත්තා

යන එන ගමන්, එකතැනක ඉන්න ගමන් ඇහැට පේන දකින දේවල් මට ඕනි විදිහට මට හිතෙන විදිහට පේලි දහයෙන් ලියලා දානවා.