2011-11-18

ඇත්තටම මේ මොකද වෙන්නේ

යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.
වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ.
එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි.
යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි.
ත්‍රස්තවාදියා රජයට එකතු වේ.
මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.
ක්‍රීඩකයින් පඩිරහිතව ක්‍රිකට් ගසයි.
බස් වර්ජනයක් එයි.
ඒත් අපි ඔලිම්පික් ලංකාවේ තැබීමට සැරසෙයි.
ඇත්තටම මේ මොකද වෙන්නේ...

2011-08-10

බකමූණෙකු වීදි බසියි...

බකමූණන් යනු රාත්‍රියට එලි බසින ජීවියෙකි. එහෙව් බකමූණා දිවාකල එලිබැසීමෙන් සිදුවන ප්‍රපංචය පසුගිය සිකුරාදා මම ලයනල් වෙන්ඩ්ට් එකේදී දැක බලා ගතිමි. එහි මට අසුවුන කතා කල යුතු තැන් කිහිපය යොදා මෙය නවතමි.
  • බකමූණා රජවන්නේ සතුන්ගේ වරදිනි.
  • සේනක ඇතුළු පිරිස වැඩ්ඩන් වන්නේද සතුන්ගේ වරදිනි. 
  • උන් උද්‍යානයේ ෂොපිං මෝල් ගහන්නේද සතුන්ගේ වරදිනි.
සුනීතා, අරගලයට එකතුවන්නේ සුනීතාට බත්කඩේ වැඩේ කෙලවෙන නිසාය. ටෝනි සේනකට හතුරෙකුවන්නේ ප්‍රධාන චරිතය නොලැබුනු නිසාය. මිනිසුන් පව් නැත. උන් වැරදි කරන්නේ දැනුවත්වය. මේක සිස්ටම් එකේ හැටිය මලාටවත් තමන්ට කෙලවීමක් නැතුව මිනිස්සු නමාගැනීම අපහසුය. එයට හේතුව විප්ලවය ගොන්පාට් එකක් වී ඇති නිසාය. ලංකාවේ ඇසූ පමණින් හිනායන වචන වල කැටගරියට මම “විප්ලවය“ යන වචනයද එකතුකරමි.
මම වැඩිය කතා නොකරමි. බකමූණෙකු වීදි බසී“ බැලිය යුතු නාටකවල කැටගරියට යොදා මෙය අවසන් කරමි..

2011-06-02

රන්දිකා අක්කාට පින්සිද්ද වෙන්න යන්තම් මේක ගැන ලියන්න තරම් දෙයක් හොයාගත්තා... මේක ගැන විස්තර යන්නේ ප්‍රවෘත්ති වල විතරනේ ඒත් කරුමෙට මම ඒවා බලන්නේ නෑනේ. කියන විදිහට මෙහෙම තමා වැඩේ වෙන්නේ.

  • සේ.අ.අරමුදලෙ අවසන් ශේෂයෙන් - 2%
  • සේ.නි.භා.අරමුදලේ අවසන් ශේෂයෙන් - 2%
  • පාරිතෝෂික දීමනාවෙන් - 10%
  • සේවකයාගේ වැටුපෙන් - 2%
  • සේව්‍යාගෙන් - 2%
මෙන්න මෙහෙමයිලු කපා ගැනීම්.

ඒ වගේම අනිවාර්‍යෙන්ම වසර 10 ක් විශ්‍රාම වැටුපට දායක විය යුතුයි.
හැබැයි කවර හෝ හේතුවක් නිසා වසර 10ට පෙර රැකියාවෙන් ඉවත් වන්නට සිදු වුවහොත්
කපා ගත් මුදලෙන් සතයක් වත් සේවකයාට ලැබෙන්නේ නැත.

ඒවගේම විශ්‍රාම වැටුප හිමි වන්නේ අවුරුදු 60න් පසුවයි.නමුත් පුද්ගලික අංශයේ විශ්‍රාම යා යුතු වයස් සීමාව - ගැහැනු - 50
පිරිමි - 55
එතකොට ගැහැනුන් විශ්‍රාම ගොස් වසර 10ක් ද පිරිම්න් වසර 5ක් ද ..විශ්‍රාම වැටුප ලැබෙන තෙක් උඩ බලන් සිටිය යුතුය.

එසේම විශ්‍රාමිකයා මියගිය විට බිරිදට හෝ දරුවන්ට එම මුදල ලැබීමද අවිනිශ්චිතය.

මෙහි සදහන් කලේ කරුනු කීපයකි.
විසදා ගත යුතු තවත් බොහෝ ගැටලුකාරී තැන් රැසකි.

යම් විටක සේවකයෙකු විශ්‍රාම වැටුපක් එපා යයි පවසනවානම් පැහැදිලියම විය යුත්තේ එය තඹේකට මායිම් නොකර සිටීම නොව.. ඊට හේතු විමසා බැලීමයි.

එබැවින් යොජිත විශ්‍රාම වැටුපෙහි විනිවිද භාවය මීට වඩා ගැඹුරින් අධ්‍යනය කොට සියලු දෙනාගේ අදහස් විමසා බලා සිදුවිය යුතු වෙනස් කම් සිදු කොට ...කඩි ගායකින් තොරව පාර්ලිමේන්තුවට පනතක් ලෙස ගෙන විත් සම්මත කර ගැනිම්ට වගකිව යුත්තන් සුදානම් වූයේ නම් මේ තරම් නාඩගමක් නටන්නට සිදු නොවනු ඇත. 

විශ්‍රාම වැටුප දෙන්නේ සේවකයන්ගේ EPF, ETF, Grativity එකෙන් හා වැටුපෙන් කපලා නම්..ඒ මුදල සේවකයා විහ්‍රාම යන මොහොතෙන් පසුවම .. භාන්ඩාගාරයට සියලු මුදල් ලැබී අවසන්. එසේ නම් ඒ මුදල් වසර 60 ක් පිරෙන තුරු රදවා තබා ගැනිමට හේතුව කුමක්ද...එසේ කිරීමට ඇති අයිතිය කුමක් ද..

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් ගෙවන්නේ එසේ නම් ගැටලුවක් නැත.

විශ්‍රාම වැටුප යනු සේවයෙන් ඉවත් වූ මොහොතේ සිට ලැබෙන දීමනාවක් මිස..වසර ගනන් කල් ගත කොට දිය යුත්තක් නොවේ.
එසේ වන්නේ නම් එයට-විශ්‍රාම වැටුප-නොව වෙනත් නමක් දිය යුතුය.
ඒ වගේම අවුරුදු 59දි ඔහු මිය ගිය හොත්...

- They'll get EPF/ETF -
එහෙම බැලුවෙත් EPF/ETF එක විතරක් ලැබුනොත් ඇති නේ.
මොකද දැන් මිනිස්සුන්ගේ ආයු කාලයත් එන්න එන්නම අඩු වෙනවනේ.හුග දෙනෙක් අවුරුදු 60ක් වත් ජීවත් වෙන් නෑ.

මේක තේරුම් ගන්න.
කිසිම සේවකයෙක් විශ්‍රාම වැටුපකට අකමැති නෑ.
ප්‍රශ්නේ මේකේ තියෙන ගැටලුක‍ාරී ස්වරූපයයි.
අඩුම ගානේ කම්කරු ඇමතිටවත් සේවකයන් මේ සම්බන්ධව අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ.

ඉතිං මිනිස්සු මේ සම්බන්ධව කලබල වෙන එක අහන්න දෙයක්...ද
සංශෝධන සහිතව සේවකයන්ට හිතකර වූ විශ්‍රාම වැටුපක් ලබා දිමයි කල යුත්තේ. 


ස්තූතිය - නිල් අහසට මේගැන දැනුවත් කලාට..

2011-04-28

දුක කියන්නේ වෙන එකක්...

දුක කියන්නේ කඳුලු හලන එක විතරක් නම්.
මම හිතන දුක වෙන එකක්..
දුක කියන්නේ දුක මගාරින එකනම්..
මම කියන දුක වෙන එකක්...
දුක කියන්නේ FB Status එකක් හරි SMS හරි නම්..
මම හිතන දුක වෙන එකක්...
ඇත්තටම දුක කියන්නේ මොකද්ද?
මේ ගොන් පාට් වලට දුක කියන්න පුළුවන්ද?
මේකට කියන්නේ වෙන එකක්..
දුක නෙමෙයි..
ඇත්තමයි....

2011-03-31

රාමායනය == Final

Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....
  • රාම - මහේන්ද්‍ර සිං දෝණි
  • රාවණ - කුමාර් සංගක්කාර 
  • ලක්ෂ්මණ - යුවරාජ් සිං
  • ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්
  • කුම්භකර්ණ - මහේල ජයවර්ධන 
  • භරත - සචින් ටෙන්ඩුල්කාර්
  • සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්
  • හනුමාන් - හර්බජන් සිං
  • දශරථ - ගැරී කර්ස්ටන්
  • සීතා - World Cup
  • විභීෂණ - චාමර සිල්වා...
ක්‍රීඩාව යනු ආතල් එකකි. ඔලිම්පික් ආරම්භ වන්නේ යම් හේතුවක් උදෙසාද ක්‍රීඩාව පැවතිය යුත්තේ ඒ උදෙසා බව මගේ පුද්ගලික හැඟීමයි.. දැන් ඇත්තේ වෙන ක්‍රීඩාවකි. සහයෝගීතාවය අහලකවත් නැත. ඇත්තේ වෙන මොකද්ද එකකි ක්‍රීඩාව නොවේ.. ඒ මොකක් වුනත් මම සිස්ටම් එක ඇතුලේ සිට World Cup බලමි.. මම ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියා උද්ඝෝෂන කර CH එකට ගොස් තරඟ බැලුවේ නැති නිසා අවුලක්ද නැත..
චාමර අපි ඔබගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙමු..