2015-01-19

පිස්සෙක් ලියූ කවි දෙකක්...

මගේ හිත රළුවට

හැම විඳීමක් සමගම
විඳවීමක්ද ඇතිමුත් එකටම
ආසයි මම විඳින්නට

මිතුදම් සහෝදරකම්
වෛරය හෝ ඉරිසියාවද

කමක් නෑ එය
වූවාට...
ගංජා හෝ කුඩුද
ගෑනුන් හෝ බඩුද

ආසයි මම විඳින්නට
මෙලොව හැම
අස්සක් මුල්ලක්ම...

****************************************
.................

උදා වනවිට හෙට
නැවුම් හිරුමඬල
ගිමන් හල හැරදමා
සියල්ලො යනු ඇත..
ඔබත් උන් සමගින්ම......
පිටත් වී යනු ඇත
පසක් කොට මා හට
ඔබත් එක් මගිගියෙක්
පමනක්ම බව................

ඇන්ජලෝ මයිකල් වර්ණකුලසූරිය...