2011-08-10

බකමූණෙකු වීදි බසියි...

බකමූණන් යනු රාත්‍රියට එලි බසින ජීවියෙකි. එහෙව් බකමූණා දිවාකල එලිබැසීමෙන් සිදුවන ප්‍රපංචය පසුගිය සිකුරාදා මම ලයනල් වෙන්ඩ්ට් එකේදී දැක බලා ගතිමි. එහි මට අසුවුන කතා කල යුතු තැන් කිහිපය යොදා මෙය නවතමි.
  • බකමූණා රජවන්නේ සතුන්ගේ වරදිනි.
  • සේනක ඇතුළු පිරිස වැඩ්ඩන් වන්නේද සතුන්ගේ වරදිනි. 
  • උන් උද්‍යානයේ ෂොපිං මෝල් ගහන්නේද සතුන්ගේ වරදිනි.
සුනීතා, අරගලයට එකතුවන්නේ සුනීතාට බත්කඩේ වැඩේ කෙලවෙන නිසාය. ටෝනි සේනකට හතුරෙකුවන්නේ ප්‍රධාන චරිතය නොලැබුනු නිසාය. මිනිසුන් පව් නැත. උන් වැරදි කරන්නේ දැනුවත්වය. මේක සිස්ටම් එකේ හැටිය මලාටවත් තමන්ට කෙලවීමක් නැතුව මිනිස්සු නමාගැනීම අපහසුය. එයට හේතුව විප්ලවය ගොන්පාට් එකක් වී ඇති නිසාය. ලංකාවේ ඇසූ පමණින් හිනායන වචන වල කැටගරියට මම “විප්ලවය“ යන වචනයද එකතුකරමි.
මම වැඩිය කතා නොකරමි. බකමූණෙකු වීදි බසී“ බැලිය යුතු නාටකවල කැටගරියට යොදා මෙය අවසන් කරමි..