2013-09-02

සඳුදා..

සඳුදා..
සඳුදා කියන්නේ පරක්කු වෙලා ඇහැරෙන දවස..
කෝච්චියට දුවන දවස..
ලස්සනටම ඔපිස් යන දවස..
බොන්න හොඳම නැති දවස..
සතියේ තියෙන නිදිමතම දවස..

ජලක් ජලක් නටපු ජයසූරිය
සංගක්කාරට
දේශප්‍රේමී වෙන හැටි උගන්වන හැටිත්.... 
පාලක මණ්ඩලයකට
කොන්ද පණ ඇතුව තීරණයක් ගන්න බැරි කමින්
කුජීත වෙලා යන හැටිත්...
දෙපැත්තකට බෝල පාස් වෙන හැටිත්
දැක්කාට පස්සේත්...
ලංකාව තාම මැච් එකක් දිනනවා දැක්කාම
මට ඇඬෙන්න එනවා..
එනවා නෙමෙයි ඇඬෙනවා.. 

ඒ අස්සේ රනාට දාපු වැපාගේ කමෙන්ට් එකක් දැක්කා
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, රණවිරු, එජාප 
සප්ත මහා බලවේගයෙන්,
30වසරක ශාපලත් ත්‍රස්තවාදයෙන්,
මාතෘ භූමිය නිදහස් කරගැනීමට,
දේශපාලන නායකත්වය ලබාදුන්,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

අද දවසේදී සිය 62වන සංවත්සරය,
අභිමානයෙන් යුතුව සමරණ වගයි...
බුදු අම්මෝ.. 
යන්තම් ඇති.
හෙට අඟහරුවාදා....

No comments: