“ඔයාට හිතෙන්නේ නැද්ද අරුණ. මම නවකතා පොතක් වුණා නම් හොඳයි කියල? නිශාන්ති අරුණගේ මුහුණට එබෙමින් ඇසුවේ ප්‍රේමණීය බැල්මක් ඔහු වෙත හෙළමිනි.
“ඒ ඇයි” අරුණ ඇසුවේ ගිණුම් ලේඛනයෙන් තම දෑස් ඉවතට ගනිමිනි.
“ඇයි අනේ එතකොට ඔයාට හැම වෙලාවකම මාව ළඟ තියාගෙන ඉන්න පුළුවන්නෙ.” නිශාන්ති කීවේ ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් තොදොල් වෙමිනි.
“ඒකනම් ඇත්ත තමයි... ඒ වුණාට මං කැමැතියි ඔයා දින පොතක් වුණා නං...” අරුණ කීවේ චෙක් පොතේ පිටු පෙරළමිනි.
“ඒ මොකද අනේ...?” නිශාන්ති එවර ඇසුවේ කුතුහලයෙන් තොදොල් වෙමිනි.
“නෑ එතකොට මට අවුරුද්දක් ගානෙ මාරු කරන්ඩ පුළුවන් නෙ...” අරුණ කීවේ චෙක්පොතත් ගිණුම් ලේඛනයත් අතට ගෙන නැගිටමිනි
2010-03-30
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
මේක බූන්දියෙන් උස්සපු කතාවක් බව සලකන්න යන එනකොට දැකපු පාර ලියන්න හිතුනා..
Post a Comment