2011-01-25

දුමක සුවඳ...

හීතල රෑක
කළුවරේ දුමක් දානකොට 
වලාකුළු අස්සේ හැංගුන 
හඳ දැක්කම 
මට උඹ මතක් වුනා...
හඳ කළු වලාකුලකට වැහිලා. අපි කියන්නේ ඒකට හොල්මන් හඳ කියලා. ඒ හඳ කළු වලාකුළු අස්සෙන් මම ලඟට එන්න හදනවා වගේ. එක දවසක උඹ යන්න යයි. උඹට උඹේ කියලා ජීවිතයක් තියෙයි. නොරිකෝ සං දෙවොන්දරා කියෝතෝවට යන්න කලින් කිව්ව කතාව මට මතක් වෙනවා.
යනව නම් දෙවොන්දරා සංගෙ සුවඳ මේ ඇඳුම්වල තියලා යන්න
පොත්වල තියෙන්නේ ඇත්ත වෙන්න පුළුවන් ඒත් ඒ හැම පොතකම අපිට වුන සිද්ධි ඒ විදිහටම ලියවිලා තියෙනවා. අපිට වෙච්ච දේ තව කෙනෙක්ට වෙලා කියලා හිතහදාගන්න පුළුවන් වෙන්න ඒකම ඇතිවෙයි.. නොරිකෝ උඹට මම ආදරේ ඒක නිසා..

2 comments:

තිස්ස දොඩන්ගොඩ said...

"පොත්වල තියෙන්නේ ඇත්ත වෙන්න පුළුවන් ඒත් ඒ හැම පොතකම අපිට වුන සිද්ධි ඒ විදිහටම ලියවිලා තියෙනවා. අපිට වෙච්ච දේ තව කෙනෙක්ට වෙලා කියලා හිතහදාගන්න පුළුවන් වෙන්න ඒකම ඇතිවෙයි.."
සහතික ඇත්ත... මානසිකව කඩාවැටුන වෙලාවට ඒ වගේ දෙයක් ගීතයක් හරිම සහනයක්...

සෝරෝ said...

සිරාවට ලියලා තියෙනවා...

තිස්ස අයියා කිවුව එකට මාත් එකගයි..

ජය වේවා...!!