පහල ඉඳන් සමුගන්නවා වගේ නෙවෙයි පීක් එකේ ඉඳන් සමුගන්න එකකවුද එකෙක් එහෙම කිව්වා මතකය. ඇත්ත.. මුරලි පීක් එකේ සිටියේය. මුරලි එක්ක ලංකාවට එච්චර බැඳී ඇත්තේ ඒ නිසාය.. මුරලි ලාංකිකයෙකි. මුරලි මිනිසෙකි. අවසානයේ මුරලි නියම ක්‍රීඩකයෙකු බවද පෙන්වා දී සමුගත්තේය. ස්තූතියි මුරලි..
2010-07-23
මුරලි නම්බු පිටින් ගිය වග..
මුරලිව මට මතක තිබුනේ මුරලිට අවුරුදු විසිදෙකේදීය.. එතකොට මට අවුරුදු දහයක් වෙන්නට ඇත.. පාලිත පෙරේරා වීදුරුවක වුනත් දඟකවන්න පුළුවන් කියා මුරලිට කිව්වා මතකය. මුරලිගේ අන්තිම තරඟය ගැන මම අහනකොට මට අවුරුදු විසිපහකි. තවමත් මුරලි වීදුරුවක වුවද දඟකවයි. තවමත් මුරලිට ඉනිමක විකට් පහක් ගැනීම ගේමක් නැත. ඒත් මුරලි සමුගත්තේය.
Subscribe to:
Post Comments (Atom)
5 අදහස්:
ඔහු ඔය; හොට බිම ඇනෙන කම්, බැරි මර ගාතේ ක්‍රිකට් ගහන ලොව සියලුම ක්‍රීඩකයින්ට ආදර්ශයකි.
:)
"මුරලිව මම මතක තිබුනේ අවුරුදු විසිදෙකේදීය.. එතකොට මට අවුරුදු දහයක් වෙන්නට ඇත.. පාලිත පෙරේරා වීදුරුවක වුනත් දඟකවන්න පුළුවන් කියා මුරලිට කිව්වා මතකය. මුරලිගේ අන්තිම තරඟය ගැන මම අහනකොට මට අවුරුදු විසිපහකි."
ආ.......... එතකොට මුරලිට දැන් වයස කීයද? :D
100+++ TO ANSH
නියම කතාව...මුරලි යනු ක්‍රිකට ලොවේ ශ්‍රී ලාංකීය සලකුණයි..පාලිත පෙරේරා යනු විශිශ්ඨ විචාරකයෙකි...නමුත් මට නම් ඔහුගෙ විස්තර විචාර අසා ඉන්නට බැරිය....ජය....:D..
මුරලි කියන්නේ දක්ශතාවෙන් පරිපූර්න කලාතුරකින් බිහිවන උසස් ක්‍රීඩකයෙක්....
@රන්දිල් පොඩ් වැරුද්දක් වෙලා තිබුනා. ඒක නිවැරදි කලා පෙන්වා දීම ගැන ස්තූතිය..
Post a Comment