2010-07-12

අට්ටාපිටියෙ ඔය අසබඩ

රොඩී සුරූපිනියන්ගේ අඟපසඟෙහි අසිරිමත් සුන්දරත්වය, ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමින් ඉඩ සලසා ඇති අඩ නිරුවත් පෙනුම සමග සංයෝග වීමෙන් උද්දීපනය වන ඔවුන්ගේ මන්මත් කරවන සරාගික පෙනුම, උසස් කුලවල සාමාන්‍ය ජනයාගේ පමණක් නොව, ඇතැම් වංශවත් රදළයින්ගේ පවා සිත් සසල කරවීමට සමත් වූ බැවි පැරණි සාහිත්‍යෙයන් හෙළි වේ. අට්ටාපිටිය ඔය අසබඩ එබඳු රදළයෙකුට මුන ගැහුණු රොඩී කැකුළියක පිළිඹඳව එම කුලීනයා තුල පහළව ඇත්තේ මෙවන් හැඟීමකි.

අට්ටාපිටියෙ ඔය අසබඩ සඳුන් ව නේ
හුලවාලියක් දැකලා සිත සලිත වු නේ
පිපුණු මලක් නම් තලලා මිස නොය නේ
කැකුළු මල නිසා යඥ්ඥම් ළඳ ලිය නේ

එයට ඈ දුන් පහත පිලිතුරින් හෙළි වන්නේ උසස් යැයි පිලිගත් සමාජයේ අන්ත පරිභවයට සහ පිලිකුලට පාත්‍රව සිටින තමා වැන්නියක එබඳු කුලීන උත්තමයෙකු අතින් කෙලසීමට පත් විය හැකි නම්, එය මහත් භාග්‍යයක් ලෙස ඇය සැලකූ බවකි.

සි සී වැඩි දවස් නැත මල පිපෙන්න ට
ඔබා තන තිසර පට නැත බඳින්න ට
පිපුණු මලක් නම් නැත නූඹට දෙන්න ට
කැකුළු මල තලා පලයන් පිපෙන්න ට

උපුටා ගැනීම --- ගාඩි ජන වත , චන්ද්‍ර ශ්‍රී රණසිංහ ---

6 comments:

පිස්සා පලාමල්ල said...

අර බණ වර්ශන් එකක් විදියටත් ආවනේ ඕක අලුත් කරල...

Amila Chathuranga said...

මම ඒකෙ බණ නම් අහල තියනවා......

BLOG ගඩොල් said...

ඔය අර "පැංචාවියන් දිය කෙළිනා හැටි දුටිමි" කියන (ව්‍යාජ)කවිබණට පදනම් වෙච්ච ඔරිජිනල් කවිය වෙන්න ඇති නේද?

Anonymous said...

ඕකේ modify කරපු එක අහල තියනවා..

Jay said...

:D

වර්ශන්ස් දෙකම අසා ඇත..
හික් හික්..

ලසන්ත said...

කලකට ඉහතදී දොරමඞලාව වැඩසටනකදී අත්තනායක එම්. හේරත් මහතාගෙන් අසා දැනගතිමි. නමුත් කාලයත් සමග පද අමතක විය. වටිනා කවක් බෙදා හදා ගත්තාටයි මේ ස්තූතිය.