2011-03-31

රාමායනය == Final

Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....
  • රාම - මහේන්ද්‍ර සිං දෝණි
  • රාවණ - කුමාර් සංගක්කාර 
  • ලක්ෂ්මණ - යුවරාජ් සිං
  • ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්
  • කුම්භකර්ණ - මහේල ජයවර්ධන 
  • භරත - සචින් ටෙන්ඩුල්කාර්
  • සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්
  • හනුමාන් - හර්බජන් සිං
  • දශරථ - ගැරී කර්ස්ටන්
  • සීතා - World Cup
  • විභීෂණ - චාමර සිල්වා...
ක්‍රීඩාව යනු ආතල් එකකි. ඔලිම්පික් ආරම්භ වන්නේ යම් හේතුවක් උදෙසාද ක්‍රීඩාව පැවතිය යුත්තේ ඒ උදෙසා බව මගේ පුද්ගලික හැඟීමයි.. දැන් ඇත්තේ වෙන ක්‍රීඩාවකි. සහයෝගීතාවය අහලකවත් නැත. ඇත්තේ වෙන මොකද්ද එකකි ක්‍රීඩාව නොවේ.. ඒ මොකක් වුනත් මම සිස්ටම් එක ඇතුලේ සිට World Cup බලමි.. මම ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියා උද්ඝෝෂන කර CH එකට ගොස් තරඟ බැලුවේ නැති නිසා අවුලක්ද නැත..
චාමර අපි ඔබගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙමු.. 

6 comments:

change said...

like like like like ....

සංකල්පනා - රුවන් said...

ෂහ් නියමෙට ගලපලා තියෙනවා. ඒත් ජනප්‍රවාදය රාමායනය අනුව රාවණ පරාද වෙනවානේ? ඉතින් අපි පැරදෙනවා කියලද කියන්නේ?

නැත්නම් අලුතෙන්ම ලියන්න වේවිද? :D :D :D

පිණිබිඳු... said...

අපි ඉතිහාසෙ වෙනස් කරමු.

Unknown said...

මරුවටම ලියල තියෙනවා...ඔය ජනප්‍රවාද ඉන්දියාවේ උන් හදපු ඒවමනේ... ඒ හින්ද ගණන් ගන්න එපා... ;)

chathu said...

i dont know who wrote this and whos the owner of this blog .. I just saw this blog.. BUT well said bro .. awesome ... by the way lets cheer for our team .. its a team with great players and the players with great courage ... also the best thing is they are real gentlemen ... SO SRILANKA DESERVE THIS WORLDCUP ....

Anonymous said...

ඇත්තටම, පරණ සිංහල කවීන්ට අනුව, රාමායනේ වෙලා තියෙන්නෙ වෙනස් දෙයක්.. සීනාට රාවණා ගැන ආල සිතක් පහළවෙලා.. රාමවයි ලක්ෂ්මණවයි කැලේට යවලා.. රාවණා එක්ක පැනල ආවා.. ඒකි මහ නරක එකියක්ලු..

විභීශණ රාවණාගෙ බිසවට කැමතියිලු.. රාවණාට ඒකට නරහ ගිහින් මිනිහට ගහල එලවලා.. ඒකෙ පලිය ගන්නලු රාමට උදවු කරන්න ගියේ..