ඔබ......,
මගේ නොවන බව දැනුනත්
ඔබේ සැප දුක විමසන්නට සිතෙයි.
තවත් වරෙක
ඔබ සොය එන්නට ද සිතෙයි.
ඔබේ හිස මා ලැමෙහි හොවා
පෙරදා මෙන් සතපවන්නට
සිතෙයි.
නමුදු නුඹ...
දැන් මා සතු නොවන බව දැනී
සියදහස්වර මියදෙන්නට සිතෙයි
හදවත නවතින්නට යන්නා සේ දැනෙයි
දෙනෙතෙහි වියැලුනු කදුලු දිය
යලි යලිත් අලුත් වී ගලයි
මා අන්කිසිවකුට
ආදරය කිරිමට දන්නේ නැතැයි සිතෙයි
යම් මතු දිනෙක
නුඹ..........
යලිදු මගේ වී
මා දිවියම සනසවාවි යැයි සිතෙයි
2010-12-05
Subscribe to:
Post Comments (Atom)
5 අදහස්:
නියමයි!!
අතීතයේ මතකයන් විකාර සේ සලකා,
වර්තමානයේ ලැබූන දෙයින්
අනාගතයේ ජීවත් වෙන්න හීන දකින්න.
@ Charmi:ස්තුතියි
@ අසුරයා: Just a poem
නියමයි..!
not just only a poem i know that
Post a Comment