2010-12-07

පුර හදෙන්..


අහස දිහ බලන්න
රෑ අහස දිහා..,
එක දවසකට ලස්සනට පිරිලා
මුලු ලෝකෙම එලිය කරන හද
තව දවසකට නොපෙනීම යනවා.
අපේ ජීවිතත් ඒ වගේ.

අපි අමාරුවෙන් කලාවෙන් කලාව
එකතු කරලා පුරව ගන්න හදන පසලොස්වක හද
අපේ ලස්සනට , ආසාවට වගේම
මුලු ලෝකෙටම එලිය දෙන්න හදන හද..,
ලෝකය හින්දම දවසින් දවස පුන්චි වෙනව
ඇත්තටම එයාට දවසක
මුලු ලෝකයෙන්ම හැන්ගිලා ඉන්නත් වෙනවා

ඒත් ..........
හද පසුබට වෙන්නේ නෑ
එයා ආයෙත් ජීවිතේට
පුන්චි පුන්චි දේවල් එකතු කරන්
පිරිලා හිනවෙන්නයි බලන්නේ
අඩුම ගානෙ එකදවසකටවත්

No comments: