2011-11-18

ඇත්තටම මේ මොකද වෙන්නේ

යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.
වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ.
එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි.
යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි.
ත්‍රස්තවාදියා රජයට එකතු වේ.
මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.
ක්‍රීඩකයින් පඩිරහිතව ක්‍රිකට් ගසයි.
බස් වර්ජනයක් එයි.
ඒත් අපි ඔලිම්පික් ලංකාවේ තැබීමට සැරසෙයි.
ඇත්තටම මේ මොකද වෙන්නේ...

5 comments:

Amila Chathuranga said...

මහ දවල් මිනීමැරුමට චෝදිත දුමින්ද සිල්වා රට ගොස් ඇත...
බොරු සාක්ෂි දුන් කෙනෙක් වූ ෆෙඩ්රිකා රට යැවී ඇත..
ඔප්පු නොකල වරදකට කෙනෙක් සිරගත වී ඇත..
කුමරන් පද්මනාදන් ඔප්පු කල වරදවල් සහිතවම එලියේ ඇත...
මා සිතන්නේ නීතියේ යුවතිය දැන් සුරතාන්තයට ලඟා වි ඇත...
සියලු ආන්ඩු හිතවාදීන් එකතුවව්...යුක්තිය ඉදිරියේ වස්ත්‍ර උණා දමන්නට සැරසෙව්...

Malith said...

මටනම් පිස්සු වගේ අනේ

"හෙට අනිද්දම හයිවේ එක ඔපන් කරනවානේ. එතකොට මේ ඔක්කොම අමතක වෙලා යාවි" - සහොද‍ර බ්ලොග් එකක ප.ලි එකක්

Anonymous said...

රාජ්‍යය නායකයා තමන්ගේ උපන්දිනේ සමරපු අපූරෑව.. නොදකින්

Anonymous said...

රට අඳුරු අගාදයක් කරා ඇදීයමින් තිබේ.

Lishan Puwakovitage said...

උඹ මේක ලියන්නේ නැද්ද??