මේ දවස්වල මගේ මිත්‍රයෙක්ගේ හතර කේන්දරේ පාළු වෙලා කියලා නැන්දම්මාගෙන් පොඩි කොස්සක් ඇවිත්. ලොකු අවුලක් නෙමෙයි. ඒත් ඒක එක්ක මම ටිකක් ඕක ගැන හෙව්වා. මට හම්බවුනේ මේ දෙක.
මේක ඔය කේන්දර පස්සේ දුවන උපාසක අම්මලාට වැදගත් වෙයි මගෙ හිතේ..දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.එච්චරයි..
වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ මෙසේ වදාල සේක,“මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”
එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.
1 comment:
මේක කොච්චර ඇත්ත උනත් උපාසක අම්මලා හිතන විදිහ වෙනස් කරලා මේක ඇත්ත කියලා පිළි ගන්වන වන එක නම් කවමදාවත් ලේසි වෙන එකක් නම් නැහැ. :P
Post a Comment