2011-06-02

ඔන්න ඔහොමයි පැන්ෂන් එක හැදෙන්නේ..

රන්දිකා අක්කාට පින්සිද්ද වෙන්න යන්තම් මේක ගැන ලියන්න තරම් දෙයක් හොයාගත්තා... මේක ගැන විස්තර යන්නේ ප්‍රවෘත්ති වල විතරනේ ඒත් කරුමෙට මම ඒවා බලන්නේ නෑනේ. කියන විදිහට මෙහෙම තමා වැඩේ වෙන්නේ.

  • සේ.අ.අරමුදලෙ අවසන් ශේෂයෙන් - 2%
  • සේ.නි.භා.අරමුදලේ අවසන් ශේෂයෙන් - 2%
  • පාරිතෝෂික දීමනාවෙන් - 10%
  • සේවකයාගේ වැටුපෙන් - 2%
  • සේව්‍යාගෙන් - 2%
මෙන්න මෙහෙමයිලු කපා ගැනීම්.

ඒ වගේම අනිවාර්‍යෙන්ම වසර 10 ක් විශ්‍රාම වැටුපට දායක විය යුතුයි.
හැබැයි කවර හෝ හේතුවක් නිසා වසර 10ට පෙර රැකියාවෙන් ඉවත් වන්නට සිදු වුවහොත්
කපා ගත් මුදලෙන් සතයක් වත් සේවකයාට ලැබෙන්නේ නැත.

ඒවගේම විශ්‍රාම වැටුප හිමි වන්නේ අවුරුදු 60න් පසුවයි.නමුත් පුද්ගලික අංශයේ විශ්‍රාම යා යුතු වයස් සීමාව - ගැහැනු - 50
පිරිමි - 55
එතකොට ගැහැනුන් විශ්‍රාම ගොස් වසර 10ක් ද පිරිම්න් වසර 5ක් ද ..විශ්‍රාම වැටුප ලැබෙන තෙක් උඩ බලන් සිටිය යුතුය.

එසේම විශ්‍රාමිකයා මියගිය විට බිරිදට හෝ දරුවන්ට එම මුදල ලැබීමද අවිනිශ්චිතය.

මෙහි සදහන් කලේ කරුනු කීපයකි.
විසදා ගත යුතු තවත් බොහෝ ගැටලුකාරී තැන් රැසකි.

යම් විටක සේවකයෙකු විශ්‍රාම වැටුපක් එපා යයි පවසනවානම් පැහැදිලියම විය යුත්තේ එය තඹේකට මායිම් නොකර සිටීම නොව.. ඊට හේතු විමසා බැලීමයි.

එබැවින් යොජිත විශ්‍රාම වැටුපෙහි විනිවිද භාවය මීට වඩා ගැඹුරින් අධ්‍යනය කොට සියලු දෙනාගේ අදහස් විමසා බලා සිදුවිය යුතු වෙනස් කම් සිදු කොට ...කඩි ගායකින් තොරව පාර්ලිමේන්තුවට පනතක් ලෙස ගෙන විත් සම්මත කර ගැනිම්ට වගකිව යුත්තන් සුදානම් වූයේ නම් මේ තරම් නාඩගමක් නටන්නට සිදු නොවනු ඇත. 

විශ්‍රාම වැටුප දෙන්නේ සේවකයන්ගේ EPF, ETF, Grativity එකෙන් හා වැටුපෙන් කපලා නම්..ඒ මුදල සේවකයා විහ්‍රාම යන මොහොතෙන් පසුවම .. භාන්ඩාගාරයට සියලු මුදල් ලැබී අවසන්. එසේ නම් ඒ මුදල් වසර 60 ක් පිරෙන තුරු රදවා තබා ගැනිමට හේතුව කුමක්ද...එසේ කිරීමට ඇති අයිතිය කුමක් ද..

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් ගෙවන්නේ එසේ නම් ගැටලුවක් නැත.

විශ්‍රාම වැටුප යනු සේවයෙන් ඉවත් වූ මොහොතේ සිට ලැබෙන දීමනාවක් මිස..වසර ගනන් කල් ගත කොට දිය යුත්තක් නොවේ.
එසේ වන්නේ නම් එයට-විශ්‍රාම වැටුප-නොව වෙනත් නමක් දිය යුතුය.
ඒ වගේම අවුරුදු 59දි ඔහු මිය ගිය හොත්...

- They'll get EPF/ETF -
එහෙම බැලුවෙත් EPF/ETF එක විතරක් ලැබුනොත් ඇති නේ.
මොකද දැන් මිනිස්සුන්ගේ ආයු කාලයත් එන්න එන්නම අඩු වෙනවනේ.හුග දෙනෙක් අවුරුදු 60ක් වත් ජීවත් වෙන් නෑ.

මේක තේරුම් ගන්න.
කිසිම සේවකයෙක් විශ්‍රාම වැටුපකට අකමැති නෑ.
ප්‍රශ්නේ මේකේ තියෙන ගැටලුක‍ාරී ස්වරූපයයි.
අඩුම ගානේ කම්කරු ඇමතිටවත් සේවකයන් මේ සම්බන්ධව අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ.

ඉතිං මිනිස්සු මේ සම්බන්ධව කලබල වෙන එක අහන්න දෙයක්...ද
සංශෝධන සහිතව සේවකයන්ට හිතකර වූ විශ්‍රාම වැටුපක් ලබා දිමයි කල යුත්තේ. 


ස්තූතිය - නිල් අහසට මේගැන දැනුවත් කලාට..

5 comments:

Anonymous said...

diyunu ratawal wala private sector ayata pension thiyenawa. aka denne government aka gane, ayala karapu sewayata.. namuth ape horu karanne sewakayo amaruwen hoyagaththa salli tika un aragena matiya gahanna hadana aka..... Mema rajayata sapa wewa, even though i voted to them......!

~RaසිකyA~ said...

කවුරු කොහොම බැන්නත් අපි ගැන කථා කරන්න තාමත් රටේ ඉන්න එකම කට්ටිය ජේ.වී.පී. එක විතරයි කියල කියන්න පුළුවන් හොදම උදාහරණය මේක. ඒ මිනිස්සු මේ ගැන කියල පාරට බැස්සෙ නැත්තම් අද ඇත්තටම මේ පනත නතර කරන්න කාටවත් බැරිවෙයි නේද..?රටක් තුල හොද පාලනයත් ගෙනියන්න නම් ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඔනෙ කියල කියන කතාව අපි හැමෝම දන්න ඇත්ත. ඒත් මේ වගේ විපකෂයක් තියන රටක පාලනය ගැන අපි කතා කරන්න ඔනෙ නැනේ..
පනතක් යනු අඩුපාඩු තිබෙන යමක් කියලයි අපි දන්නේ ඒත් මෙතරම් අඩුපාඩු, ප්‍රශ්නාවලියක් ඇති පනතක් මේ දැක්කාමයි.
මොනයම් හෝ පක්ෂයකට කඩේ යෑමක් නොව පෞද්ගලික අංශයේ තවත් සේවකයෙක් විදියට කරන කමෙන්ටුවක් මේ.මේ ගැන කියන්න ඉදිරිපත් වුනු “පණ ඇති අකුරු“ අඩවියේ ආගන්තුකයා ඇතුලු සෙට් එකට ස්තූතිවන්ත වෙනවා.

ආගන්තුකයා | Stranger said...

උඹ කියන කතාව ඇත්ත. ජේවීපී එක උන්ගේ මොන න්‍යාය පත්‍රය ඇතුලේ ඉඳගෙන හරි මේකට බැස්සානේ. මේ පනතේ අරමුණ මොකද්ද කියන එක දැන්නම් පට්ට පැහැදිලි වේගෙන එන්නේ. අනේ මන්දා අපි කොහෙන් නවතීද කියලා...

RanDil said...

අඩේ මට පිංදීලානේ............ බොහොම පිං බොහොම පිං..............

෴ හසියා ෴ said...

උඹලට ඔච්චර ආදරේන් දෙන දේ අරන් කට පියන් ඉන්න බැරි හැටි.....