2010-06-08

වේදනාවේ සෞන්දර්යය

මුහුදෙ ඉන්න මූදු බෙල්ලා ගාව මුලින්ම මුතු ඇටයක් නැහැලු.
එයා අනික් බෙල්ලො වගේම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවලු.
ඒ විදිහට ඉන්න කොට සමහර බෙල්ලන්ගේ කටුව ඇතුලට වැලි කැටයක් ඇතුල් වෙනවලු අහම්බෙන්.
එයාගෙ හම ගොඩක් සිනිදු නිසා හම ඇතුලේ වැලි කැටය තෙරපෙද්දී එයාට දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවලු.
ඒ වේදනාව නිසාම එයාගේ සමෙන් වැලි කැටය මතට ලිහිසි ද්‍රාවණය මුදා හරිනවලු.
වැලි කැටයට කැපෙන හැම වාරයක් ගානෙම ඒ විදිහට වෙනවලු.
කල් යනකොට ඒ ද්‍රාවණය වැලි කැටය මත ඝණීභූත වෙලා මාරම ලස්සන මුතු කැටය බිහිවෙනවලු...
ඒ වේදනාවේ සෞන්දර්යයි. වේදනාවෙන් උනත් ලැබෙන සෞන්දර්යය හෙන ආතල්.
මචෝ ඒ ආතල් එකත් විදල බලන්න වටිනවා

 
            (තේරුමක් නැති කතාවතුෂාර දාපු කමෙන්ටුවක් )

1 comment:

Hasitha Gunasinghe said...

අධ්‍යාපනය ලබන එක කටුකයි එහි ප්‍රතිඵලය මිහිරියි කියන්නෙත් එහෙම නිසා වෙන්න ඇති :)