2013-01-30

කේන්දර හා උපාසකම්මලා..

මේ දවස්වල මගේ මිත්‍රයෙක්ගේ හතර කේන්දරේ පාළු වෙලා කියලා නැන්දම්මාගෙන් පොඩි කොස්සක් ඇවිත්. ලොකු අවුලක් නෙමෙයි. ඒත් ඒක එක්ක මම ටිකක් ඕක ගැන හෙව්වා. මට හම්බවුනේ මේ දෙක. 
මේක ඔය කේන්දර පස්සේ දුවන උපාසක අම්මලාට වැදගත් වෙයි මගෙ හිතේ..
දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.
වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ‍ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ ‍මෙසේ වදාල සේක,“මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”
එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ ‍සෙසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.
එච්චරයි..

2011-11-18

ඇත්තටම මේ මොකද වෙන්නේ

යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.
වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ.
එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි.
යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි.
ත්‍රස්තවාදියා රජයට එකතු වේ.
මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.
ක්‍රීඩකයින් පඩිරහිතව ක්‍රිකට් ගසයි.
බස් වර්ජනයක් එයි.
ඒත් අපි ඔලිම්පික් ලංකාවේ තැබීමට සැරසෙයි.
ඇත්තටම මේ මොකද වෙන්නේ...