2013-03-06

මාලිංග සහ අපි සමග ඊයේ සහ අද..

ඊයේ මාලිංගයාට බැනපු දවස වන අතර අද හොඳ කියන දවස වේ... 
එක්කෝ බැනපු එවුන් අද ඔන්ලයින් නැත. නැත්නම් උන් ගෙවල්වලට ගිය පසු මාලිංග පව් කියා සිතී අද සද්ද නොකර සිටී.. 

හා හා.. කස්ටියට හලාල් අමතක වෙයි හොඳේ.. 
මල්ලිලා නංගිලා අක්කලා අයියලා මාමලා නැන්දලා.. 
මතක නැද්ද අර හලාල්.. උලමා.. බොදු බලසේනා.. 

හෙට මොකද්ද?
යනවා මනුස්සයෝ යන්න..

9 comments:

Anonymous said...

මාලිංග සහ අපි සමග ඊයේ සහ අද..
ඊයේ මාලිංගයාට බැනපු දවස වන අතර අද හොඳ කියන දවස වේ...
එක්කෝ බැනපු එවුන් අද ඔන්ලයින් නැත. නැත්නම් උන් ගෙවල්වලට ගිය පසු මාලිංග පව් කියා සිතී අද සද්ද නොකර සිටී..

හා හා.. කස්ටියට හලාල් අමතක වෙයි හොඳේ..
මල්ලිලා නංගිලා අක්කලා අයියලා මාමලා නැන්දලා..
මතක නැද්ද අර හලාල්.. උලමා.. බොදු බලසේනා..

හෙට මොකද්ද?
යනවා මනුස්සයෝ යන්න..
Posted 49 minutes ago by ආගන්තුකයා | Stranger
Labels: Cricket අපි ලංකාවේ ජනතාව මාලිංග

0 Add a comment

Anonymous said...

011 වසරේ ඔහුට පිළිකාවක් වලදී ඇති බව සොයාගත් අතර එතැන් පටන් ඔහුට දේශීය මෙන්ම විදේශීය ප්‍රතිකාර සදහා යොමු .... read more >>

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මට මාලිංගයා ඊයෙත් අදත් හෙටත් හොඳය , මේ තුන් කාලයේම "හලාල් සහතික" මාෆියාව නරකය . මුස්ලිම් වරයාගේ හලාල් ජීවිතය ගැන මේ තුන් කාලෙයෙදීම මා ප්‍රශ්න කරන්නේ නැත .නමුත් එම ජීවන රටාවේ කොටස් භාහිර සමාජය මත බලෙන් පැටවීමට විරුද්ධය

Anonymous said...

එහෙනම් මොන ප්කටද උබ අන්වර් මනතුන්ගත් එක්ක ගේම ඉල්ලන්නේ? වෙනම බ්ලොග් එකකුත් අටවාගෙන උබේ එකට හිට්ස් නැති හින්දද?

Anonymous said...

?????????????????????

දුකා said...

අපි මාර ආතල් ජාතියක් ඕයි . .

"මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සූ . . '

අර දීපාල් සිල්වගේ කටේ අරක්කු ටිකක් හලන්න ඕන මෙහෙම කිව්වට . .

M.R.M said...

බුවා හලාල් කාටවත් බලෙන් පැටෙව්වේ නැහැ , හලාල් සහතිකය අවශ්‍යයි කියා ඉල්ලීමක් ආපු නිසා සමාගම් සඳහා නිකුත්කර තියනවා. ඔබලාට හලාල් නොවන බාන්ඩ අවශ්‍ය නම් ඉල්ලීම් කලයුත්තේ එම සමාගම් වලින්ය. එවිට ඔව්න් ඒ සඳහා යම් වැඩපිළිවෙලක් සකස්කරාවී.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඇනෝ - මගේ එකට හිට්ස් ඕනි තරම් තියනවා , අමනතුංගයෙන් ගේම ඉල්ලන්නේ නැ , ඌ තනියම ගන්න ආතල් එකට පොඩි විකල්පයක් හදලා තියනවා

ඇනෝට පස්සෙ ඩයල් එක - මේ විදිහේ හලාල් විරෝධයක් ආවෙ නැත්නම් සමාගම් ඒ ගැන උනන්දු වෙන්නේ නෑ . දැනට ඇඩ් වලින් හලාල් වර්නනා ගලවගෙන තියෙන්නේ . ඉස්සරහට බලමු මොකෝ වෙන්නේ කියල

Anonymous said...

මිනිස්සු අතින් වැරදි වෙනවා, එක මනුෂ්‍ය ගතිය...
උගත් කම, ඒ කෙනා ඒ වෙලාවේ ඉන්න මානසික මට්ටම වැරැද්දේ ප්‍රමාණය තීරණය කරනවා...
දොස්තරලා, නීතිඥයෝ, ගුරු වරු පවා වැරදි කරපු අවස්ථා මාද්‍ය වල පලවෙලා තියෙනවා
වැදගත්ම දේ කෙනෙක්ට වැරැද්ද අවබෝද කරවලා ඒ කෙනා වැරැද්දෙන් මුදවා ගැනීම
එහෙම නැතුව අපිත් මේ වගේ වැරදි වැඩ කරලා හරි යන්නේ නැහැ
මොනවා වුනත් මාලිංග නිසා ලංකාව මැච් කියක් දිනුවද?
මතකද ඔස්ට්‍රලියාවට මාලිංග ගහපු හැටි?
අපි හැමෝගෙම වැරදි තියෙනවා...
මම කාවවත් සුදනා කරන්න හදන්නේ නැහැ...
එක වැරද්දක් නිසා ඒ කෙනා කරපු හොද සේරම අමතක කරන්න හොද නැහැ නේද?