2010-06-22

රුපියල

ඉතිරි මුදල් වශයෙන්මා අතට රුපියලක් ලැබිනි. එය ස්පර්ශයෙන්ම මා රුපියලක් බව දන්නා නමුදු එය දෙස අද බැලුනි. එය ලංකා රුපියලකි. නිස්පාදනය ව තිබුනේ 1963 ය. පසුගිය දිනෙක මට අවන් හලකදී වයසක මිනිහෙක් මුණ ගැසුනි. ඔහු ද 1963 වන විට කොල්ලෙක්ව ඉන්නට ඇත. එකල ඔහුගේ වැටුප රුපියලයි ශත 15ක් කිවුවේය. මේ රුපියලෙන් ඔහුගේ දිනක වැටුප ගෙවා ඇතයි මට සිතුනි. ඔහු නිවස හදන්න වියදම් කර ඇත්තේ රුපියල් පන්සියයකි. මේ රුපියල් පන්සියයයෙන් එක් රුපියලක් මෙය වන්නට ඇත.
          මේ රුපියල දැනට මියගොස් ඇති කීදෙනෙක් පාවිච්චි කර ඇත්ද.. අත් කීයකට හුවමාරු වී ඇත්ද.. දැන් සහ පෙර වටිනාකම් මේ දෙස බලන්නට ඇත්ද? රුපියල දැනුදු මේසය මත තිබේ. මට හිතෙන්නේ එය කතා කරන්න පටන්ගෙන ඇති හැටියකි. ඉතිහාසය කරා යනවා නම් මුදල් හරහා යන මග එය කියා දෙනු ඇත. එහි ශ්‍රී කෑල්ල නැතිව ලංකා යනුවෙන් සදහන්ය.
         එකල කෙසේ ති‍බෙන්නට ඇතිදැයි මට මැවේ. පළමුව මැවෙන්නේ දේශපාලනික වටපිටාවය. දෙවනුව මැවෙන්නේ පි‍ටිසරබද කොළඹක් හා පිටිසරබද පිටිසරකි.
         මේ රුපියල් දැනුදු අප අතට වැද නොවැදගත්ව නොපෙනී යයි. ආර්ථිකයක හරඹ කල ඒ වයසේ වුන් ද අපට මතට වැද නොවැදගත්ව නොපෙනී යයි. ඒ චමින්දලා ලෙසිනි. සමාජයක ඔවුනට හිමි තැන රුපියල පෙන්වා දෙයි. මේ රුපියල හා එකල ලොක්කන් වූ අපේ වැඩිහිටියන් සමග තිබූ සමීප සබදකම දැන් අප හා මේ රුපියල අතර නැත. දෙකටම වටිනාකමක් නැත. දැන් 2008 රුපියලකට ද වටිනාකමක් නැත.
          ලක්ෂ ගණනක් අත් අතර හුවමාරුව මේසය උඩ ඇති රුපිය‍ල ඊ ළග මොහොතේ මා කාර්යලොයන් පිටව බසයකට නගින විට මාරු සල්ලි ගන්නැයි කෑ ගසා ඉල්ලන කොන්දොස්තරගේ මුහුණට දමා ගසනු ඇත.
           එය යලි ගමන් අරඹනු ඇත. පස්ව හිගන්නෙකුගේ අතට ද නැවත මගියෙකුගේ අතට ද යනු ඇත. එතෙක් මේ රුපියල දශක ගණනක් සිහි කරමින් මා දුකට පත් කරමින් හා දේවල් මෙනෙහි කරමින් මා මේසය මත ඇත.
           1963 හා මා එකට තිබේ. මෙය රුපියලකට වඩා වටී. රුපියල වටින්නේ කොපමනකටද? කිසිවෙකුට කිව නොහැක.
           මා අතට එන නොවැදගත් කාසි සමග කතා කල හැකි බව මට වැටහුණි. මේ බෙදා ගැනීම ඒ වෙනුවෙනි. 


(සංජීව අක්ෂයට ලියූ සටහනක් )

2010-06-21

සුරාබදු

මේක ඉස්සුවේ w3lanka එකෙන්

මත්පැන්
රු.
සීනි, තල්, පොල් අරක්කු බෝතලයකට

421.00

විදේශීය මත්පැන් බෝතලයකට
550.00

5%ට අඩු මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට
37.50

5%ට වැඩි මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බීර ලීටරයට

53.50

වයින් ලීටරයට

275.00

දුම්කොළ කිලෝවකට සුරාබදු

10.00