මුහුදෙ ඉන්න මූදු බෙල්ලා ගාව මුලින්ම මුතු ඇටයක් නැහැලු.
එයා අනික් බෙල්ලො වගේම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවලු.
ඒ විදිහට ඉන්න කොට සමහර බෙල්ලන්ගේ කටුව ඇතුලට වැලි කැටයක් ඇතුල් වෙනවලු අහම්බෙන්.
එයාගෙ හම ගොඩක් සිනිදු නිසා හම ඇතුලේ වැලි කැටය තෙරපෙද්දී එයාට දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවලු.
ඒ වේදනාව නිසාම එයාගේ සමෙන් වැලි කැටය මතට ලිහිසි ද්‍රාවණය මුදා හරිනවලු.
වැලි කැටයට කැපෙන හැම වාරයක් ගානෙම ඒ විදිහට වෙනවලු.
කල් යනකොට ඒ ද්‍රාවණය වැලි කැටය මත ඝණීභූත වෙලා මාරම ලස්සන මුතු කැටය බිහිවෙනවලු...
ඒ වේදනාවේ සෞන්දර්යයි. වේදනාවෙන් උනත් ලැබෙන සෞන්දර්යය හෙන ආතල්.
මචෝ ඒ ආතල් එකත් විදල බලන්න වටිනවා
(තේරුමක් නැති කතාවට තුෂාර දාපු කමෙන්ටුවක් )
2010-06-08
2010-05-17
මේ දවස්වල වැස්ස.....
වැස්ස ගැන මම දන්න උන් කියපු කතා ටිකක් උස්සලා දාන්නම්....
මෙහෙට හරි වැස්ස.........!ඒ මාලතී අක්කාගේ ෆේස්බුක් ඉස්ටේටස් එක...
අපට කවි ගේන වැස්ස...!!!බර උස්සන ,
කිරි කපන, වල් නෙලන මිනිසුන්ට එදා වේල නැති කරන වැස්ස....!!!!
චූ කරන්නේ කොහොමද ටොයිලට් එකක් නැතුව..මේ මම බස් එකට දාපු කවියක්
ඇවිදින්නේ කොහොමද පාරුවක්වත් නැතුව...
බත් කන්නේ කොහොමද කටක් හොයාගන්නවත් බැරුව....
ලියන්නෙවත් කොහොමද කී බෝඩ් එකක්වත් නැතුව...
යන එන ඔරැ පාරැ නවතා සිටියත්මේ මනෝජ් බුවා මට චැට් එකේ එවපු පිලිතුරක්....
කිඹුලො වැහි වැහල කොළඹ
මේ සීතලේ මහත සුදු ගෑනියකුටමේත් මනෝජයාගෙම බස් එකක්......
කූටාලු වෙලා නිදා ගන්නවාට වඩා
අනන්ත දෙයක් මේ වැස්ස, අකුණු සහ හිරිගඩු
මට කියා දෙනවා....
Subscribe to:
Posts (Atom)