මගේ හිත රළුවට
හැම විඳීමක් සමගම
විඳවීමක්ද ඇතිමුත් එකටම
ආසයි මම විඳින්නට
මිතුදම් සහෝදරකම්
වෛරය හෝ ඉරිසියාවද
කමක් නෑ එය
වූවාට...
ගංජා හෝ කුඩුද
ගෑනුන් හෝ බඩුද
ආසයි මම විඳින්නට
මෙලොව හැම
අස්සක් මුල්ලක්ම...
****************************************
.................
උදා වනවිට හෙට
නැවුම් හිරුමඬල
ගිමන් හල හැරදමා
සියල්ලො යනු ඇත..
ඔබත් උන් සමගින්ම......
පිටත් වී යනු ඇත
පසක් කොට මා හට
ඔබත් එක් මගිගියෙක්
පමනක්ම බව................
ඇන්ජලෝ මයිකල් වර්ණකුලසූරිය...
2015-01-19
2013-09-24
වල්ලී ගෙට වෙලා
එදා මහ පාන්දර වෛතාලයෙන්ම සේදරා හේනට දුවගෙන ගියේය. ඒ යනකොටත් පුංචි රාළ හේනේ පැල උඩ ගොරව ගොරවා නිදාගෙන හිටියේය. ඉණිමඟ නැඟගෙන සේදරා උස ගහේ මැද සවි ශක්තියට ඉදිකර තිබූ පැලට ගොඩ වී තවමත් නිදාගෙන හිඳින අප්පුච්චා දිහා බලාගෙන සිටියේය. මොනම හේතුවකටවත් උපන්දා සිට කිකලෙකවත් ඔහු නිදියන අප්පුච්චා ඇහැරවා නැත. උන්දැගේ කේන්තිය ගැන දන්නා නිසාම සේදරාගේ හිතේ පුංචි රළ අවදි කරන්න කැමැත්තක් තිබුනේ නැත. ඒ නිසා සද්ද නොකර පැයක් හමාරක් ඔහු කකුල් කෙටි දෙක පහලට දමාගෙන ගහ උඩ පැලට වී ඈත හේන දිහා ඔහේ බලාගෙන හිටියේය.
ඉර එලිය පොලව බදාගන්න තතනන විට පුංචි රාළ ඇහැ ඇරියේය. සේදරා ඉස්පාසුවක් නැතුව පුංචිරාළ දිහාට හැරුණේය.
“අප්පුච්චා මං ආවේ..“
“අර ලබු කට්ටට පොකුණෙන් වතුර ටිකක් අරං වරෙන්“
සේදරාට හරියට වචන පෙළ ගස්සා ගන්ට පුළුවන් වුණේ නැත පුංචි රාළ ඉස්සර වුණේය.
........................................................................................................
“හ්ම් ඉතිං කියහන්..“
“වල්ලි ගෙට වුනා කියලා අම්ම කියන්ටය කිව්වා.. “
පුංචිරාළ ඒ වචන ගණනකටවත් නොගත්තේය. පුරුදු විදිහට බුලත් විටට තව දුංකොල කෑල්ලක් ඒදුවේය. ඉන්පසු යළි පැලේ ඉඳගන්න ගමන් සේදරා දිහා නොබලාම මෙසේ කීවේය.
“උඹ පලයං ගෙදර..“
ලේබල:
උස්සපු,
පොත් වලින් ගත්තු,
මාගම් සෝලිය,
මොහාන් රාජ් මඩවල
2013-09-23
The last song
දිවිය සුවද කල අරලියා මල අද
මිලින වන්නට සැරසෙනා..
මල් සුවද හද තුල හොවා ඔබ
මහැර යන්නට
දින ගනිමිනා
දැන සිටිය මුත් පරවෙනා බැව්
පිපුනු මල් ලෝ දහමිනා
තුරු වසා ගිය රුදුරු
පිලිලය
ඔබ......
මගෙන් දුර ගෙන ගියා
කැවු බත් පින්ඩු, පිදූ සෙනෙහස
අද කොහේදෝ සැගවුනේ....
ගිලන් වී වත වෙහැරි ගිය
කන්දුලු පිරි නුබ ගිලුනු නෙත් යුග
කියයි අනියත බව ලොවේ
පැතු පැතුමන්
දිනෙන් දින
ගිලිහි යනමුදු,
පතමි
නුබෙ වී
ලගම හිදුමට
සසර මතු
බවයෙන් බවේ
අම්මා...........
නුබයි මගෙ අම්මා...........
මිලින වන්නට සැරසෙනා..
මල් සුවද හද තුල හොවා ඔබ
මහැර යන්නට
දින ගනිමිනා
දැන සිටිය මුත් පරවෙනා බැව්
පිපුනු මල් ලෝ දහමිනා
තුරු වසා ගිය රුදුරු
පිලිලය
ඔබ......
මගෙන් දුර ගෙන ගියා
කැවු බත් පින්ඩු, පිදූ සෙනෙහස
අද කොහේදෝ සැගවුනේ....
ගිලන් වී වත වෙහැරි ගිය
කන්දුලු පිරි නුබ ගිලුනු නෙත් යුග
කියයි අනියත බව ලොවේ
පැතු පැතුමන්
දිනෙන් දින
ගිලිහි යනමුදු,
පතමි
නුබෙ වී
ලගම හිදුමට
සසර මතු
බවයෙන් බවේ
අම්මා...........
නුබයි මගෙ අම්මා...........
2013-09-22
දන්නවාද?
අර සංගක්කාරට හොඳ කියපු,
ඒ වගේම ඌට බැනපු,
ජයසූරිය පතුරු ඇරපු,
දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන්..
කඳුරට මෙරූන්ස්ලා,
මැච් තුනම පරාද වුනා කියලා
දන්නවාද?
ආ සමාවෙන්න
අද ඡන්ද ප්‍රතිඵල එනවානේ
නේද?
දයාසිරි මහඇමති වෙයිද?
ඒ වගේම ඌට බැනපු,
ජයසූරිය පතුරු ඇරපු,
දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන්..
කඳුරට මෙරූන්ස්ලා,
මැච් තුනම පරාද වුනා කියලා
දන්නවාද?
ආ සමාවෙන්න
අද ඡන්ද ප්‍රතිඵල එනවානේ
නේද?
දයාසිරි මහඇමති වෙයිද?
2013-09-20
පරිවර්තිත උද්ධරණ
ජීවිතය යනු කුසුමක් නම්
ආදරය යනු ඒ මලේ පැණි වේ..
මිනිත්තුවක් සිටින්න.
ඔබට එය පැයක් මෙන් දැනේවි
ඔබ රුසිරු ලඳක් අසල පැයක් අසුන්ගන්න,
ඔබට එය දැනේනේ මිනිත්තුවක් ලෙසිනි.
සාපේක්ෂතාවාදය යනු එයයි..
ආදර කුසගින්න නැතිකිරීමට
ඉතා අපහසුය..
ආදරය යනු ඒ මලේ පැණි වේ..
වික්ටර් හියුගෝ.ඔබගේ අත උදුනක් තුලට දමා
මිනිත්තුවක් සිටින්න.
ඔබට එය පැයක් මෙන් දැනේවි
ඔබ රුසිරු ලඳක් අසල පැයක් අසුන්ගන්න,
ඔබට එය දැනේනේ මිනිත්තුවක් ලෙසිනි.
සාපේක්ෂතාවාදය යනු එයයි..
ඇල්බට් අයින්ස්ටයින්ආහාර කුසගින්න නැවතීමට වඩා
ආදර කුසගින්න නැතිකිරීමට
ඉතා අපහසුය..
තෙරේසා මව්තුමිය
2013-09-17
ඔබ..
හීන වලට හොරෙන් එබී.
කතා වල අස්සට පැනපු.
මොලේ කෑල්ලක් බලෙන් අත්පත් කරගත්තු.
යන යන තැන,
අහන දකින දේවල්වල,
හොරෙන් හැංගී බලා ඉන්න,
හිතට කීකරු ඒත් අකීකරු,
හිතට නැවතත් ආදරය ගෙනාපු.
ඔබ..
2013-09-13
අපි ආයි කතා කරමු..
සරත්..
එන්න පල්ලිය කඩන්න.
හසීම්.
වරෙන් ගල් ගහන්න.
යාධවන්.
වරෙන් ගිනි තියන්න.
ජෝසප්.
වරෙන් හරවන්න.
ෂරත් මල්ලි,
ෂීනි ඉවරයි ෂීනි ටිකක් දියන්.
හසීම් අයියේ,
පන්දාහක් දියන් ලබන සතියේ දෙන්නම්.
මචං යාධවන්,
පොඩි එකීට අමාරුයි.
ජෝසපු අන්නා.
එනවද අපේ ගෙදර අද රේ කේමට.
මේ හතරදෙනා එක එකාව මරාගත්තු දවසට අපි ආයි කතා කරමු.
2013-09-09
මිනිස්සු..
මිනිස්සු තීරණ ගන්නවා..
ඒ තීරණ සාධරණීකරණය කරනවා.
ඒවා වැරදුනාම අපරාදේ කියලා
අතීතය ගැන දුක්වෙනවා..
මිනිස්සු ආදරය කරනවා.
පොළු තියනවා.
පොළු තියාගන්න බැරුව ලතවෙනවා.
මිනිස්සු වැරදි කරනවා.
ඒවා කෙනෙක්ට හරි
කෙනෙකුට වැරදියි..
අන්තිමේදි අපි ඔක්කොම මිනිස්සු..
ඔව් අපි මිනිස්සු තමා..
ඒ තීරණ සාධරණීකරණය කරනවා.
ඒවා වැරදුනාම අපරාදේ කියලා
අතීතය ගැන දුක්වෙනවා..
මිනිස්සු ආදරය කරනවා.
පොළු තියනවා.
පොළු තියාගන්න බැරුව ලතවෙනවා.
මිනිස්සු වැරදි කරනවා.
ඒවා කෙනෙක්ට හරි
කෙනෙකුට වැරදියි..
අන්තිමේදි අපි ඔක්කොම මිනිස්සු..
ඔව් අපි මිනිස්සු තමා..
2013-09-02
සඳුදා..
සඳුදා..
සඳුදා කියන්නේ පරක්කු වෙලා ඇහැරෙන දවස..
කෝච්චියට දුවන දවස..
ලස්සනටම ඔපිස් යන දවස..
බොන්න හොඳම නැති දවස..
සතියේ තියෙන නිදිමතම දවස..
ජලක් ජලක් නටපු ජයසූරිය
සංගක්කාරට
දේශප්‍රේමී වෙන හැටි උගන්වන හැටිත්....
පාලක මණ්ඩලයකට
කොන්ද පණ ඇතුව තීරණයක් ගන්න බැරි කමින්
කුජීත වෙලා යන හැටිත්...
දෙපැත්තකට බෝල පාස් වෙන හැටිත්
දැක්කාට පස්සේත්...
ලංකාව තාම මැච් එකක් දිනනවා දැක්කාම
මට ඇඬෙන්න එනවා..
එනවා නෙමෙයි ඇඬෙනවා..
ඒ අස්සේ රනාට දාපු වැපාගේ කමෙන්ට් එකක් දැක්කා
යන්තම් ඇති.
හෙට අඟහරුවාදා....

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, රණවිරු, එජාපබුදු අම්මෝ..
සප්ත මහා බලවේගයෙන්,
30වසරක ශාපලත් ත්‍රස්තවාදයෙන්,
මාතෘ භූමිය නිදහස් කරගැනීමට,
දේශපාලන නායකත්වය ලබාදුන්,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
අද දවසේදී සිය 62වන සංවත්සරය,
අභිමානයෙන් යුතුව සමරණ වගයි...
යන්තම් ඇති.
හෙට අඟහරුවාදා....
2013-03-19
කාලිදාසයන් ලියූ හොඳම කවිය..
කාලිදාස. කුමාරදාස රජුන්ගේ කාලයේ හිටපු ශ්‍රේෂ්ඪ කවියෙක්..
කොහොම වෙතත් කාලිදාසගේ කවි ඒ කාලේ හෙන ප්‍රසිද්ධයි. නිකමට හිතන්නකෝ ශිහාන් සහ ලංකාවේ කෙල්ලෝ ගැන. කාලිදාසගේ කවිවල තියෙන ගතිය නිසා සිය පියයුරු වල කාලිදාගේ කවි ලියාගන්න ගැහැණු ලමයි ඒකාලෙත් හිටියා. කුමාරදාස රජතුමාගේ දියණියත් මින් එක්කෙනෙක්..
දවසක් කාලිදාස පාරේ එනකොට කුමාරදාස රජතුමාගේ දියණිය සඳලුතලයේ සිට පහලට පඩිපෙලින් දියගේන්න පොකුණ වෙත යමින් සිටියේ. ඇය එකවරම කාලිදාස දැක්කා. ඇය කෙතරම් කලබල වුනාද කිව්වොත් ඇය උකුලේ රඳවාගෙන සිටි කලය පඩිපෙල දිගේ පහලට පෙරලී ගෙන ගියා..
කාලිදාසගේ කවි අදහස් අවදි වුනා. කිව්වා ශ්ලෝකයක්..
රාජාභිෂේකේන මදවික්ඛලායං..
රාජ අභිෂේකයෙන් සිහිය විකල් වෙලා ඉන්න තැනැත්තියකගේ..
හස්තං චුතං හේම ඝඨෝ විහත්තං..
හේම ඝඨෝ කියන්නේ රත්තරං කලය, රත්තරං කලය හස්තයෙන් ගිලිහුනා.
සෝපානු මාර්ගේන කෘතෝප ශබ්දං..
සෝපානු මාර්ගය කියන්නේ පඩිපෙලනේ, සෝපානු මාර්ගයේ මෙන්න මේවගේ ශබ්දයක් දෙමින්,
ටං ටං ටටං ටං.. ටට ටං ටටං ටඃ..
අන්තිමට ටහ් කියලා කිව්වේ අන්තිම පඩියෙන් පොලවට වැටුන සද්දේ..

ඕක තමා කවිය..
මේක කිව්වේ ගුරුගේ කියලා මට ඉන්න පරණම යාළුවොන්ගෙන් එකෙක්.
මේක කිව්වේ ගුරුගේ කියලා මට ඉන්න පරණම යාළුවොන්ගෙන් එකෙක්.
2013-03-06
මාලිංග සහ අපි සමග ඊයේ සහ අද..
ඊයේ මාලිංගයාට බැනපු දවස වන අතර අද හොඳ කියන දවස වේ...
එක්කෝ බැනපු එවුන් අද ඔන්ලයින් නැත. නැත්නම් උන් ගෙවල්වලට ගිය පසු මාලිංග පව් කියා සිතී අද සද්ද නොකර සිටී..
හා හා.. කස්ටියට හලාල් අමතක වෙයි හොඳේ..
මල්ලිලා නංගිලා අක්කලා අයියලා මාමලා නැන්දලා..
මතක නැද්ද අර හලාල්.. උලමා.. බොදු බලසේනා..
හෙට මොකද්ද?
යනවා මනුස්සයෝ යන්න..

2013-02-28
අපිට පිස්සු ඕයි..
බාලචන්ද්‍රන්
ලලිත් කූගන්
මේ කවුද ඕයි...
වර්ජිනිටි,
සංස්කෘතිය,
මල කරුමයක්නෙ ඕයි..
පන්සල්, පල්ලි,
කෝවිල්,
මොකට හැදුවද ඕයි..
හලාල්
බොදු බල සේනා
මුන් මොක්කුද ඕයි..
ඇමති පුත්තු
එස් අයි පුත්තු
තවත් එවුන් ඉන්නවද ඕයි..
මිනිහා,
හරකා, ඌරා,
මුනුත් සත්තුද ඕයි..
මාත්
ඡන්දෙ ඉල්ලනවා ඕයි...
මට තාමත් මේ රටේ
ජීවත් වෙන්න
හිතෙනවා ඕයි..
මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමෙයි ඕයි..
හොඳටම පිස්සු ඕයි..
2013-01-30
කේන්දර හා උපාසකම්මලා..
මේ දවස්වල මගේ මිත්‍රයෙක්ගේ හතර කේන්දරේ පාළු වෙලා කියලා නැන්දම්මාගෙන් පොඩි කොස්සක් ඇවිත්. ලොකු අවුලක් නෙමෙයි. ඒත් ඒක එක්ක මම ටිකක් ඕක ගැන හෙව්වා. මට හම්බවුනේ මේ දෙක.
මේක ඔය කේන්දර පස්සේ දුවන උපාසක අම්මලාට වැදගත් වෙයි මගෙ හිතේ..දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.එච්චරයි..
වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ මෙසේ වදාල සේක,“මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”
එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.
2011-11-18
ඇත්තටම මේ මොකද වෙන්නේ
යුද්ධය යනු රබර් බෝලයකි. වර්තමානයට අනුව එය කාට හෝ යට දමනු නොහැකි නිසාවෙනි.
වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්යැ.
එකෙකු තව එකෙකුට වෙඩි තබා සිංගප්පූරුවේ යයි.
යුද්ධය එකතැනක විකිණෙද්දී තව තැනක හමුදාපති හිරේ දමයි.
ත්‍රස්තවාදියා රජයට එකතු වේ.
මේ සියල්ල ආවරණය වන්නේද එකම මාධ්‍ය නාලිකාවකිනි.
ක්‍රීඩකයින් පඩිරහිතව ක්‍රිකට් ගසයි.
බස් වර්ජනයක් එයි.
ඒත් අපි ඔලිම්පික් ලංකාවේ තැබීමට සැරසෙයි.
ඇත්තටම මේ මොකද වෙන්නේ...

2011-08-10
බකමූණෙකු වීදි බසියි...
බකමූණන් යනු රාත්‍රියට එලි බසින ජීවියෙකි. එහෙව් බකමූණා දිවාකල එලිබැසීමෙන් සිදුවන ප්‍රපංචය පසුගිය සිකුරාදා මම ලයනල් වෙන්ඩ්ට් එකේදී දැක බලා ගතිමි. එහි මට අසුවුන කතා කල යුතු තැන් කිහිපය යොදා මෙය නවතමි.
මම වැඩිය කතා නොකරමි. “බකමූණෙකු වීදි බසී“ බැලිය යුතු නාටකවල කැටගරියට යොදා මෙය අවසන් කරමි..
- බකමූණා රජවන්නේ සතුන්ගේ වරදිනි.
- සේනක ඇතුළු පිරිස වැඩ්ඩන් වන්නේද සතුන්ගේ වරදිනි.
- උන් උද්‍යානයේ ෂොපිං මෝල් ගහන්නේද සතුන්ගේ වරදිනි.
මම වැඩිය කතා නොකරමි. “බකමූණෙකු වීදි බසී“ බැලිය යුතු නාටකවල කැටගරියට යොදා මෙය අවසන් කරමි..
ලේබල:
බකමූණෙක් වීදි බසියි,
රාජිත දිසානායක,
විප්ලවය,
සතුන්,
සිස්ටම් එක
2011-06-02
ඔන්න ඔහොමයි පැන්ෂන් එක හැදෙන්නේ..
රන්දිකා අක්කාට පින්සිද්ද වෙන්න යන්තම් මේක ගැන ලියන්න තරම් දෙයක් හොයාගත්තා... මේක ගැන විස්තර යන්නේ ප්‍රවෘත්ති වල විතරනේ ඒත් කරුමෙට මම ඒවා බලන්නේ නෑනේ. කියන විදිහට මෙහෙම තමා වැඩේ වෙන්නේ.
ඒ වගේම අනිවාර්‍යෙන්ම වසර 10 ක් විශ්‍රාම වැටුපට දායක විය යුතුයි.
හැබැයි කවර හෝ හේතුවක් නිසා වසර 10ට පෙර රැකියාවෙන් ඉවත් වන්නට සිදු වුවහොත්
කපා ගත් මුදලෙන් සතයක් වත් සේවකයාට ලැබෙන්නේ නැත.
ඒවගේම විශ්‍රාම වැටුප හිමි වන්නේ අවුරුදු 60න් පසුවයි.නමුත් පුද්ගලික අංශයේ විශ්‍රාම යා යුතු වයස් සීමාව - ගැහැනු - 50
පිරිමි - 55
එතකොට ගැහැනුන් විශ්‍රාම ගොස් වසර 10ක් ද පිරිම්න් වසර 5ක් ද ..විශ්‍රාම වැටුප ලැබෙන තෙක් උඩ බලන් සිටිය යුතුය.
එසේම විශ්‍රාමිකයා මියගිය විට බිරිදට හෝ දරුවන්ට එම මුදල ලැබීමද අවිනිශ්චිතය.
මෙහි සදහන් කලේ කරුනු කීපයකි.
විසදා ගත යුතු තවත් බොහෝ ගැටලුකාරී තැන් රැසකි.
යම් විටක සේවකයෙකු විශ්‍රාම වැටුපක් එපා යයි පවසනවානම් පැහැදිලියම විය යුත්තේ එය තඹේකට මායිම් නොකර සිටීම නොව.. ඊට හේතු විමසා බැලීමයි.
එබැවින් යොජිත විශ්‍රාම වැටුපෙහි විනිවිද භාවය මීට වඩා ගැඹුරින් අධ්‍යනය කොට සියලු දෙනාගේ අදහස් විමසා බලා සිදුවිය යුතු වෙනස් කම් සිදු කොට ...කඩි ගායකින් තොරව පාර්ලිමේන්තුවට පනතක් ලෙස ගෙන විත් සම්මත කර ගැනිම්ට වගකිව යුත්තන් සුදානම් වූයේ නම් මේ තරම් නාඩගමක් නටන්නට සිදු නොවනු ඇත.
විශ්‍රාම වැටුප දෙන්නේ සේවකයන්ගේ EPF, ETF, Grativity එකෙන් හා වැටුපෙන් කපලා නම්..ඒ මුදල සේවකයා විහ්‍රාම යන මොහොතෙන් පසුවම .. භාන්ඩාගාරයට සියලු මුදල් ලැබී අවසන්. එසේ නම් ඒ මුදල් වසර 60 ක් පිරෙන තුරු රදවා තබා ගැනිමට හේතුව කුමක්ද...එසේ කිරීමට ඇති අයිතිය කුමක් ද..
රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් ගෙවන්නේ එසේ නම් ගැටලුවක් නැත.
විශ්‍රාම වැටුප යනු සේවයෙන් ඉවත් වූ මොහොතේ සිට ලැබෙන දීමනාවක් මිස..වසර ගනන් කල් ගත කොට දිය යුත්තක් නොවේ.
එසේ වන්නේ නම් එයට-විශ්‍රාම වැටුප-නොව වෙනත් නමක් දිය යුතුය.
ඒ වගේම අවුරුදු 59දි ඔහු මිය ගිය හොත්...
- They'll get EPF/ETF -
එහෙම බැලුවෙත් EPF/ETF එක විතරක් ලැබුනොත් ඇති නේ.
මොකද දැන් මිනිස්සුන්ගේ ආයු කාලයත් එන්න එන්නම අඩු වෙනවනේ.හුග දෙනෙක් අවුරුදු 60ක් වත් ජීවත් වෙන් නෑ.
මේක තේරුම් ගන්න.
කිසිම සේවකයෙක් විශ්‍රාම වැටුපකට අකමැති නෑ.
ප්‍රශ්නේ මේකේ තියෙන ගැටලුකාරී ස්වරූපයයි.
අඩුම ගානේ කම්කරු ඇමතිටවත් සේවකයන් මේ සම්බන්ධව අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නෑ.
ඉතිං මිනිස්සු මේ සම්බන්ධව කලබල වෙන එක අහන්න දෙයක්...ද
සංශෝධන සහිතව සේවකයන්ට හිතකර වූ විශ්‍රාම වැටුපක් ලබා දිමයි කල යුත්තේ.
ස්තූතිය - නිල් අහසට මේගැන දැනුවත් කලාට..
- සේ.අ.අරමුදලෙ අවසන් ශේෂයෙන් - 2%
- සේ.නි.භා.අරමුදලේ අවසන් ශේෂයෙන් - 2%
- පාරිතෝෂික දීමනාවෙන් - 10%
- සේවකයාගේ වැටුපෙන් - 2%
- සේව්‍යාගෙන් - 2%

2011-04-28
දුක කියන්නේ වෙන එකක්...
දුක කියන්නේ කඳුලු හලන එක විතරක් නම්.
මම හිතන දුක වෙන එකක්..
දුක කියන්නේ දුක මගාරින එකනම්..
මම කියන දුක වෙන එකක්...
දුක කියන්නේ FB Status එකක් හරි SMS හරි නම්..
මම හිතන දුක වෙන එකක්...
ඇත්තටම දුක කියන්නේ මොකද්ද?
මේ ගොන් පාට් වලට දුක කියන්න පුළුවන්ද?
මේකට කියන්නේ වෙන එකක්..
දුක නෙමෙයි..
ඇත්තමයි....

2011-03-31
රාමායනය == Final
Final එක කියන්නේ රාමායනය කියලා ඉන්දියන්කාරයෝ කියනවා නම්....
- රාම - මහේන්ද්‍ර සිං දෝණි
- රාවණ - කුමාර් සංගක්කාර
- ලක්ෂ්මණ - යුවරාජ් සිං
- ඉන්ද්‍රජිත් - තිලකරත්න දිල්ෂාන්
- කුම්භකර්ණ - මහේල ජයවර්ධන
- භරත - සචින් ටෙන්ඩුල්කාර්
- සුග්‍රිව - විරේන්ද්‍ර ෂෙවාග්
- හනුමාන් - හර්බජන් සිං
- දශරථ - ගැරී කර්ස්ටන්
- සීතා - World Cup
- විභීෂණ - චාමර සිල්වා...
ක්‍රීඩාව යනු ආතල් එකකි. ඔලිම්පික් ආරම්භ වන්නේ යම් හේතුවක් උදෙසාද ක්‍රීඩාව පැවතිය යුත්තේ ඒ උදෙසා බව මගේ පුද්ගලික හැඟීමයි.. දැන් ඇත්තේ වෙන ක්‍රීඩාවකි. සහයෝගීතාවය අහලකවත් නැත. ඇත්තේ වෙන මොකද්ද එකකි ක්‍රීඩාව නොවේ.. ඒ මොකක් වුනත් මම සිස්ටම් එක ඇතුලේ සිට World Cup බලමි.. මම ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියා උද්ඝෝෂන කර CH එකට ගොස් තරඟ බැලුවේ නැති නිසා අවුලක්ද නැත..
චාමර අපි ඔබගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙමු..
2011-03-11
වැරදීම..
සීතල රෑක...
උණුසුම් තරු එලියේ
උඹේ අඩවන් වෙච්ච ඇස් දෙකෙන්...
මට ලෝකය පේනන ගන්නකොට...
උඹ කාගෙ කවුද කියලා
මට අමතක වුනා...
අනේ මට සමාවෙයන්..
උණුසුම් තරු එලියේ
උඹේ අඩවන් වෙච්ච ඇස් දෙකෙන්...
මට ලෝකය පේනන ගන්නකොට...
උඹ කාගෙ කවුද කියලා
මට අමතක වුනා...
අනේ මට සමාවෙයන්..
2011-01-29
කෙටි සටහනක් - රොඩී බස
භාෂාව ගත්තාම රොඩී බාසාවෙයි වැදි බාසාවෙයි අතර සමානකම් හුඟක් තියෙනවා.. පසු කාලීනව ඒවායේ විකාශනයන්ට අනුව වෙනස්වුන අසමානතාවන් වුනත් නැත්තෙම නෑ.. කොහොමත් වැද්දො කියන එක අපි කවුරුත් දන්න කතාවට අමතරව තව කතාවක් තියෙනවානේ. දන්න කතාව තමා කුවේණිගේ ලමයින්ගෙන් වැද්දො හැදුනා කියන එක. නමුත් රොඩී සහ වැද්දෝ කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වුන ගෝත්‍ර දෙකක් කියලත් කතාවක් තියෙනවා. එහෙම බැලුවොත් අදාල ගෝත්‍ර දෙක ලංකාවේ ඒකාලේ පැවතුන බාසාවන් එකක් ගනුදෙනු කරනකොට අනුගත වුනා වෙන්නත් පුළුවන්.. රොඩී බසෙත් වැදි බසෙත් තියෙන ලස්සන ගතියක් වෙන්නේ මේ බාසා දෙකම හැදිලා තියෙන්නේ බොහොමයක් වක්‍රෝත්ති යෙදුම් වලින් ඒ කියන්නේ අදාල නම දාලා තියෙන්නේ ඒක විස්තර වෙන විදිහට උදාහරණ විදිහට වැදිබාසාවේ
බ්ම්මඩ ගානෙකා - බිම බඩ ගා යන එකා (තලගොයා)
දෙපතම් මගලා - අං දෙකක් ඇති සතා (මුවා)
කඳන් පනින්නා - ගසෙන් ගසට පනින්නා (වඳුරා)
බොට කඳා - විශාල කඳක් ඇත්තා (අලියා)
රොඩී වලත් මේ වගේ වචන තියෙනවා..
උහැල්ලේ රබොත් අංග - ගසේ අත්ත
බින්තලව්වේ තැවිනෙන දැගුල් දෙගිරාව - පාද
ඉලයත් තෙරි නිලාටු අංගය - මුහුද
මේ දෙකේ තව ලස්සන දෙයක් තියෙනවා ඒක රොඩී වල නම් ටිකක් වැඩියි.. ඒක තමා ඇතුලින් රහස් බාසාවක් වගේ තියෙන එක. ඒ කියන්නේ රොඩීන් කලේ ඉල්ලන් කෑම කියන එක නිසා සාමාන්‍ය සිංහල ජනවහරට සමාන වුනත් වෙනස් සිංහල ජනතාවට නොතේරෙන ලෙස ඔවුන් ඉන්න තැන්වල තමන්ගේ දේවල් කතා කරන්න තිබුන බාසාවක්. ඔවුන් ඒක පාවිච්චි කරන්නේ ආගන්තුක ජනයාට මුකුත් තේරෙන්නේ නැතුව. (අපි ඔය සුද්දෙක් ඉන්නකොට සිංහලෙන් ඌත් එක්ක හිනාවෙවී ඌට බනින්නේ ඒ වගේ සීන් එකක්) විල්හෙල්ම් ගෛගර් තමා ඔය රොඩී බස ගැන මෙතෙක් කරපු හොඳම අධ්‍යනය කරලා තියෙන්නේ.. (ඌත් සුද්දෙක් හෙවත් අධිරාජ්‍යවාදියෙක්) ගෛගර් මේ රොඩී බාසාව කොටස් 4කට බෙදලා දක්වනවා.

- විදේශීය සම්භවයකින් යුක්ත වදන්
- බුස්සා - බල්ලා
- බූලෑවා - වඳුරා
- බුහැකා - බලලා
- ලුද්දා - මී හරකා
- රොඩීන්ට විශේෂිත වදන්
- පෙකනවා - දකිනවා
- යාපෙනවා - තිබෙනවා
- තෙරි - හොඳ, ලොකු
- සිංහලට හුරු වදන්
- ලතු - රතු
- කලුවැලි - කළුවර
- මීරි - මිහිරි
- හිදුලු - සුදු, කිරි
- අළුතින් තනා ගත් වදන්
මෙය කෘතිමව නිපදවා ගත් බසෙකි. අනික් ගෝත්‍රවලට තේරෙන්නෙ නැති වෙන්න කතා බහ හුවමාරුවට තමා මේක යොදාගෙන තියෙන්නේ.. ඒකට වැඩිපුරම බාවිතා කරලා තියෙන්නේ තෙරි, හාප කියන විශේෂණ පද එක්ක අන්ගයා (මිනිසා) වගේ නාම පද එකතු කරලා වෙනම අර්ථයක් වෙන වචන හදාගෙන තියෙනවා.. උදාහරණ විදිහට
- තෙරි බොරළුව (මහා ගල)
- ඉලයත් තෙරි අන්ගෙ (ඉහල තිබෙන උතුම් වස්තුව - ඉර)
- ඉලයත් තෙරි නිලාටු අන්ගේ (උතුම් විශාල හොඳ ජලය - මුහුද)
- තෙරි නිලාටු හාපයා (දියේ සිටින නපුරු සතා - කිඹුලා)
ආසාවක් තියෙනවානම් චන්ද්‍ර ශ්‍රී වික්‍රමසිංහගේ ගාඩි ජනවත හා ගෛගර්ගෙ The Language of Rodiyas in Ceylon කියන නිබන්ධනය කියවන්න ගෛගර්ගෙ නිබන්ධනය තමා මමත් කියවපු හොඳම එක. තව රාඝවන්ගේත් පොතක් තියෙනවා. Simon casie Chetty (කාසි සෙට්ටියා) වචන ලිස්ට් එකක් දාලා තියෙනවා. මාත් ඒක මේ දවස්වල හොයනවා.. ආසාවක් තියෙනවා නම් කියවලා බලන්න..
Subscribe to:
Posts (Atom)